slfp

ඇමති සිරිපාලව උසාවියෙන් දොට්ටම දමයි ද ?

අද (08) දිනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බව එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ රැස්වීමට එරෙහිව මේවන විටත් නීතිමය පියවර ගෙන ඇති බවයි. එම නිවේදනය පහතින් දැක්වෙනවා.

මෛත්‍රී නැති අතරේ ‘ඇමති සිරිපාල’ සභාපති පුටුවේ වාඩිවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇති බව වාර්තා වනවා. පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් පවත්වා මෙම තීරණය ගෙන ඇතත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට බලයක් නොමැති බවයි නිදහස් පක්ෂ වැඩබලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා සඳහන් …

මෛත්‍රී නැති අතරේ ‘ඇමති සිරිපාල’ සභාපති පුටුවේ වාඩිවේ Read More »

නිදහස් පක්ෂය ඇතුළේ හොරු ?- පොලිසිය වැඩට බහී

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබෙන බව වාර්තා වනවා. එම පක්‍ෂයේ පරිපාලනයට සම්බන්ධ ඉතාම වැඳගත් ලිපිගොනු කීපයක් එසේ අතුරුදහන්ව ඇති බව ද ඒ මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇති බව මරදාන පොලිසියේ ආරංචි මාර්ග සඳහන් …

නිදහස් පක්ෂය ඇතුළේ හොරු ?- පොලිසිය වැඩට බහී Read More »

මෛත්‍රීට පක්ෂය ‘තහනම් කිරීමත් සමග’ මුලස්ථානයට පැමිණ අසුන්ගත් පිරිස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අහිමි කරන ලද දුමින්ද දිසානායක ,මහින්ද අමරවිර සහ ලසන්ත අලගියවන්න යන මැති ඇමතිවරු සමග ජගත් පුෂ්පකුමාර රාජ්‍ය අමාත්‍යවරයා මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ඵානයට පැමිණ සිටිනවා. ඒ, මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමගයි. මෙහිදී විශේෂ …

මෛත්‍රීට පක්ෂය ‘තහනම් කිරීමත් සමග’ මුලස්ථානයට පැමිණ අසුන්ගත් පිරිස Read More »

දුමින්ද,ලසන්ත සහ මහින්ද ඉවත් කිරීම වළකා අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන පිරිස ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පසුගියදා මෙම පිරිස ඉවත් කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුවයි.

දුමින්ද,ලසන්ත සහ මහින්ද ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක , භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව එම තනතුරුවලින් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට ජාතික සංවිධායක ධූරයට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන,භාණ්ඩාගාරික ධුරයට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට සරත් …

දුමින්ද,ලසන්ත සහ මහින්ද ඉවතට Read More »