Ranil Wichramasinghe

ඕස්‍ට්‍රේලියාවට ගිය ජනපති යළි ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති හත්වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූතපිරිස ඊයේ (10) රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි 8 වැනිදා කටුනායක ගුවන් තොටුපළින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා පිටත්ව ගියේය.

සිස්ටම් චේන්ජ් කිරීම පටන් ගතයුතු තැන ජනාධිපති හෙළිකරයි.

09 වන පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද දින (07) ආරම්භය විය. මෙහි දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබීය. අතීතයේ සිටම මේ දක්වා ලෝකය විවිධ අර්බුදයන්ට මුහුණ දී ඇත. සමහර අවස්ථාවන්හි දී අර්බුදයෙන් ගොඩඒමට හැකි වුවත්, තවත් සමහර අවස්ථාවන්හි දී අර්බුදයෙන් ගොඩඑන්නට නොහැකි වූ බවත්, අර්බුද වලින් …

සිස්ටම් චේන්ජ් කිරීම පටන් ගතයුතු තැන ජනාධිපති හෙළිකරයි. Read More »

ජනපතිගේ ගෙට ගිනි තැබූ ටියුෂන් ගුරුවරයා අත් අඩංගුවට

2022 වසරේ ජූලි 09 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 46 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු ඉංග්‍රීසි උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු බව පැවසේ . සැකකරු හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපති සියළු පක්ෂ නායකයන්ට විශේෂ ආරාධනාවක්.

ශ්‍රි ලංකාව මුහුණදෙමින් සිටිනා ආර්ථික අර්බුද සඳහා විකල්ප යෝජනා තිබේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට එකතු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී . කොළඹ රේගු මූලස්ථානයේ අද (26) පැවැති ජාත්‍යන්තර රේගු දිනය සැමරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙම ඉල්ලීම කළේය ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් පවසා සිටියේ එවැනි තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය …

ජනාධිපති සියළු පක්ෂ නායකයන්ට විශේෂ ආරාධනාවක්. Read More »

දේශපාලන උවමනාවන්ට වැඩ වර්ජන කරන අයට ජනතාව පාඩමක් ඉගැන්විය යුතුයි

අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ආර්ථික අර්බුධය විසඳා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බවයි. මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් …

දේශපාලන උවමනාවන්ට වැඩ වර්ජන කරන අයට ජනතාව පාඩමක් ඉගැන්විය යුතුයි Read More »

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනේ නැතිනම් රට තියෙන්නේ කොතැනද කියා ඇමති මනුෂ කියයි.

රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් නොවුයේ නම් පාර්ලිමේන්තුවත් ගිනි තබා, ඩොලරයත් රුපියල් දහසකට වඩා ඉහළ ගොස්, පාන් ගෙඩියක් ගන්න වීල් බැරෝවකින් මුදල් ගෙන යන රටක් බවට මේ රට පත්වීමට තිබූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය. තියෙන කෙනාගෙන් උදුරාගෙන, මරාගෙන කන, විශාලා මහනුවරක් බවට පත්වීමට තිබූ රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ …

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනේ නැතිනම් රට තියෙන්නේ කොතැනද කියා ඇමති මනුෂ කියයි. Read More »

රනිල් ගැන රහසක් අනුර කුමාර හෙළි කරයි

එළබෙන මැතිවරණයකදී ආණ්ඩුවක් පිහිටවීමට වැඩි අවස්ථාවක් ඇත්තේ ජාතික ජන බලවේගයට බව සමීක්ෂණවලින් හෙළිවී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. ගාල්ලේ ඊයේ පැවති ජනහමුවක් අමතමින් කරුණු දැක්වූ ඔහු පැවසූවේ ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරනවාද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවා දෙගිඩියාවක සිටින බවය. මීට පෙර අවස්ථා වලදී ජනාධිපතිවරණයක් හෝ …

රනිල් ගැන රහසක් අනුර කුමාර හෙළි කරයි Read More »

ස.ජ.බ ලොක්කෙක් එ.ජා.ප යට.

සමගි ජන බලවේගය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම්කර ඇතත් පක්ෂ‍යේ අගමැති අපේක්ෂකයා තවමත් නම් නොකිරිම එම පක්ෂයේ ජ්‍යේෂ්ටයන් තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට හේතුවී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පක්ෂයේ ජ්‍යේෂ්ට නායකයන් වන රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තිස්ස අත්තනායක වැන්නෝ අගමැති අපේක්ෂකත්වය බලාපොරොත්තුව සිටියද මෑතකදී පක්ෂයට එක්වූ මහාචාර්ය ජී.ඇල්. පීරිස් …

ස.ජ.බ ලොක්කෙක් එ.ජා.ප යට. Read More »

ජාත්‍යන්තර යුද්ධයකට ලංකාවේ නාවික හමුදාව යවන්න රනිල් පොරොන්දු වෙලා

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ පැවති ‘ශිල්ප අභිමානී 2023’ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රතු මුහුදේ හුතී කැරලි කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා යොදවන බව පැවසීය. හුතී කැරළිකරුවන්ගේ ක්‍රියාකාරක්ම් නිසා රතු මුහුදේ වාණිජ නෞකා මෙහෙයුම් අඩපනව ඇති බවත් එබැවින් ඊට එරෙහිව සටන් කරනා ජාත්‍යන්තර …

ජාත්‍යන්තර යුද්ධයකට ලංකාවේ නාවික හමුදාව යවන්න රනිල් පොරොන්දු වෙලා Read More »

ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ සහය රනිල්ට.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය ලබා දෙනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පැවසීය . මහනුවරදී අද පැවති මාධ්‍ය හමුවකදි අදහස් පළ කරමින අමාත්‍යවරයි මේ බව සඳහන් කළේය . මේ වසරේ ජනපතිවරණය පැවැත්වෙන බැවින් ඒ සඳහා ඉදිරිපත් වන්නේද, ඒ පොදු අපේක්ෂකයෙක් වශයෙන්ද, එසේත් …

ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ සහය රනිල්ට. Read More »