මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩමකිරීම , යමා මහ පෙළහර පෑම, රාහුල කුමරු මහණ කරවීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම ද අද වැනි පොහෝ දිනක සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ.