keheliya

කෙහෙළිය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි .

බන්ධනාගාරගතව සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමා දරමින් සිටි පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇත . එම ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත යොමු කර ඇති බවත් එය ලැබුණු පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය භාර ගැනීමට නියමිතව ඇති බවත් වාර්තා වේ. ඒ අනුව ඉල්ලා අස්වීම පිළිගත් පසු පරිසර අමාත්‍යාංශය ජනාධිපතිවරයා …

කෙහෙළිය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි . Read More »

කෙහෙළිය 15 වනදා දක්වා රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණවන ලදි. එහිදී හිටපු අමාත්‍යවරයා පෙබරවාරි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළාය.