Jerome Fernando

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත් අඩංගුවට ගනී

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. අද දෙවන දිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහු විසින් පවත්වන ලද දේව මෙහෙය එක දී ආගමික ආතතිය ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුට ගැනීම සිදු කර තිබේ.

දේවගැති ජෙරම්ට අද දුන්න නඩු තීන්දුව මෙන්න

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ. දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් ය.