imf

ජෝර්ජිවා දෙවන වරටත් IMF පුටුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය ලෙස ක්‍රිස්ටලිනා ජෝර්ජිවා දෙවැනි වරටද පත්කර තිබෙනවා. එළැඹෙන ඔක්තෝම්බර් පළමුවැනිදා සිට වසර 05ක් එම පත්වීම බලාත්මකවනු ඇති.

අයි.එම්.එෆ් දෙවැනි සමාලෝචනයේ කාර්ය මණ්ඩල එකඟතාවට එළඹෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩලයක එකඟත්වයකට එලඹුන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාව, මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය අංශයේ ස්ථායිතාව සහ පාලනය ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ සම්බන්ෂයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ශක්තිමත් ප්‍රගතිය ඉන් මනාව තහවුරු වන බවයි. මීළග වාරිකය ලබා ගැනීම සඳහා …

අයි.එම්.එෆ් දෙවැනි සමාලෝචනයේ කාර්ය මණ්ඩල එකඟතාවට එළඹෙයි Read More »

අයි.එම්.එෆ් වැඩසටහන සංශෝධනය විය යුතුයි කිව්වට, විපක්ෂය මුකුත් කරලා නෑ!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සංශෝධනය විය යුතු බව විපක්ෂය ප්‍රකාශ කළ ද මෙතෙක් කිසිදු සංශෝධනයක් පිළිබඳ විධිමත් දැනුම්දීමක් සිදු කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නිශ්චිතව ඒවා ප්‍රකාශයට පත් කරන්නේ න,ම් ඒ පිළිබඳ කථිකාවක් ගොඩනගා ගත හැකි බවයි. රට …

අයි.එම්.එෆ් වැඩසටහන සංශෝධනය විය යුතුයි කිව්වට, විපක්ෂය මුකුත් කරලා නෑ! Read More »

මාලිමාව IMF නියෝජිතයින් අතර තරු හෝටලයක දී සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ ගාලුමුවදොර පිහිටි තරු පන්තියේ හෝටලයේ දී පැවැත් වුණා. පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර …

මාලිමාව IMF නියෝජිතයින් අතර තරු හෝටලයක දී සාකච්ඡා Read More »

පෙබරවාරියේ IMF කැපකිරීම් 34% කර නැහැ – 36%ක් ගැන දන්නෙත් නැහැ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසීන්ට අදාළව පෙබරවාරි මාසය අවසානයට පෙර ඉටුකළ යුතු කැපවීම් අතරින් සියයට 34ක් මේ වන තෙක් සිදු කර නැතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ අයි.එම්.එෆ් මීටරයෙන් පෙන්වා දෙනවා. එම කැපකිරීම් අතර බැංකු පනත ඇතුළු පනත් හතරකට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට රජයට නොහැකි වී ඇති බවයි එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ. දුර්වල ආණ්ඩුකරණයක් පැවතීම ශ්‍රී ලංකාවට …

පෙබරවාරියේ IMF කැපකිරීම් 34% කර නැහැ – 36%ක් ගැන දන්නෙත් නැහැ Read More »

ජාතික ජන බලවේගය ‘අද ‘ IMF හමුවේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි. අද පෙරවරු 10.00ට එම හමුව සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

හර්ෂගේ ඉල්ලීමත් සජබ ඉවත දමයි -TNA ජනපතිගේ ආරාධනය පිළිගනී

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව විපක්ෂයේ දේශපාලන පක්ෂවලට IMF නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සිදුකළ ආරාධනය දෙමළ ජාතික සන්ධානය පිළිගෙන තිබෙනවා. එහි නායක ආර්. සම්බන්ධන් මහතා ඊට සහභාගී වීමට නියමිතයි. හෙට දිනයේ දී මෙම සාකච්ඡාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ආචාර්ය හර්ෂ ද සිල්වා …

හර්ෂගේ ඉල්ලීමත් සජබ ඉවත දමයි -TNA ජනපතිගේ ආරාධනය පිළිගනී Read More »

IMF සාකච්ඡාවට අපි එන්නෙ නෑ! ඕනනම් තනිව හමුවනවා!” – මාලිමාව

හෙට (11) දිනයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූලය අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහභාගි නොවන බව පවසනවා. ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තනිව සාකච්ඡා කිරීමේ හැකියාවක් තම පක්ෂයට ඇති බවයි. ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාව සදහා විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන්ට …

IMF සාකච්ඡාවට අපි එන්නෙ නෑ! ඕනනම් තනිව හමුවනවා!” – මාලිමාව Read More »

IMF නියෝජිතයින් අද ජනපති හමුවේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (07) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එය 03 වන වාරිකය වෙත ප්‍රවේශයට මග පාදන බවයි රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ. සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට නියමිත යි.

ශ්‍රී ලංකාවේ සියළු දේශපාලන පක්ෂ I.M.F ගිවිසුම පිළිගත යුතුයි.

ශ්‍රි ලංකවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුන ඇතුළුව සියළු ප්‍රධාන පක්ෂ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගත් ගිවිසුම පිළිගැනීමට අවශ්‍ය බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් අවධාරණය කරයි . ඩේලි මිරර් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසනුයේ ආණ්ඩුව IMF ගනුදෙනුවකට එළඹිම සහ එම ගනුදෙනුවේ අනාගතය කුමක්ද යන්න මෙහි විවාදාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇතිබවය …

ශ්‍රී ලංකාවේ සියළු දේශපාලන පක්ෂ I.M.F ගිවිසුම පිළිගත යුතුයි. Read More »