හරින්ට යළිත් සැත්කමක්.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාව හදිසි සැත්කමකට බඳුන් කොට ඇති බව වාර්තා වේ. මීට පෙර අවස්ථා දෙකකදී ම හරින් ප්‍රනාන්දු මහතා හෘද සැත්කමකට ලක් කරනු ලැබීය. මෙවර ඔහුගේ පාදයේ ඇතිවූ සංකූලතාවයක් හේතුකොටගෙන හදිසි සැත්කමක් සිදු කොට ඇති බවද මේ වනවිටත් ඒ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.