ඝෝඨාට බෝම්බ ගැසුවායයි වසර 14 ක් බන්ධනාගාර ගතකර සිටි සිවලිංගම් අරූරන් නිදොස් කොට නිදහස් කරයි.
2006 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ සමයේදී ඔහුට පිත්තල හන්දියේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිවලිංගම් ආරූරන් වසර 14 කට පසු සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. 2009 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රැඳවුම් භාරයට …