doctors strike

වෛද්‍යවරු අද විරෝධයේ

දිවයින පුරා සිටින වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (11) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබානොදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්වන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය.

වෛද්‍යවරු වර්ජනය අවසන් කරති

දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8.00 තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබදුන් පොරොන්දුව මත මෙම තීරණයට එළබ් බව ඕවුහු පවසති. කෙසේ වෙතත් රජය පාර්ශ්වයෙන් ගැටළු වලට පැහැදිලි විසඳුමක් නොලැබුණහොත් ඉදිරියෙදී දැඩි තීරණවලට එළඹෙන බව එම සංගමය වැඩි දුරටත් පැවසීය