ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මස 14 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. ඒ අනුව එදින පස්වරු 2ට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර දැනුම් දී තිබේ.