cgr

මේ දින තුනේම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. පාලමක නඩත්තුවක් හා නල එළීමේ කටයුතු හේතුවෙන් අද (09) , හෙට (10) සහ අනිද්දා (11) යන තෙදින තුළ මෙම සීමා කිරීම සිදුකරන බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද සිදුවිය …

මේ දින තුනේම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි Read More »

නිදහස් සැමරුම වෙනුවෙන් දුම්රිය ධාවනයත් වෙනස් වෙයි.

හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිත නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනයේ වෙනසක් සිදුවෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි . එම සැළසුමට අනුව හෙට 05.00 සිට පෙරවරු 09.00 දක්වා පෙරවරු ධාවනය කරනා දුම්රිය මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හෙට (04) පැවැත්වෙන 76 වැනි නිදහස් …

නිදහස් සැමරුම වෙනුවෙන් දුම්රිය ධාවනයත් වෙනස් වෙයි. Read More »

උඩරට දුම්රිය ධානවය යථා තත්ත්වයට.

බදුල්ල සිට මහනුවර බලා ධාවනය කළ විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (15) සවස පීලිපැනීම නිසා ඇනහිටි උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේවනවුට යථා තත්ත්වයට පත්ව ඇතිබව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර මාර්ග කොට්ටාසයේ සිදුවු මෙම පීළි පැනීම නිසා හානියට පත් මාර්ගය අද (16) අලුයම 3.40 පමණ වන විට …

උඩරට දුම්රිය ධානවය යථා තත්ත්වයට. Read More »

දුම්රිය එන්ජිමට ගලක් පෙරලෙයි

හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද පෙරවරුවේ ගලක් කඩා වැටීම නිසා උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතිබව වාර්තාවේ. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක එන්ජිමට මෙම ගල් කඩා වැටී ඇති බව වාර්තාවේ දුම්රිය දෙපාර්තමේන්තුව පැවසන පරිදි හපුතලේ සහ දියතලාව අතර මාර්ග කොට්ටාශයේදී මෙම අනතුර සිදුව ඇත .