Anthare

අන්තරේට ජල ප්‍රහාරයක්.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට ලිප්ටන් වටරවුම අසලදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකරන ලද බව වාඅර්තා වේ.. සිරගත කර ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙක් නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පවත්වා ඇත.

”පෞද්ගලික විශ්වවිද්‍යාල වසා දමනු” අන්තරේ අළුත් සටනක් අරඹයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර පාසැල් සහ පුද්ගලික විශ්ව විද්‍යාල වලට වලට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතාවක් සංවිධානය කර ඇත. හෙට දිනයේ කොළඹට රැස්වී මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව එම ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසු සිසුවියන් හෙට දිනයේ මෙම විරෝධතාව සඳහා සහභාගි වීමට කැඳවා තිබේ.