ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වන ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහු 84 වන වියේ පසු විය. නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (21) උදෑසන ඔහු මියගොස් ඇතැයි වාර්තා වේ.