හිටපු යුද හමුදාපති ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි
මෙරට 16වන යුද හමුදාපතිවරයා වූ විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල මහතා අද (26) පෙරවරුවේ යුද හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඒ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් පැවසීය. බලගල්ල මහතා බොරලැස්ගමුවේ පදිංචි කරුවෙක් වන අතර, මියයන විට ඔහු 75 වන වියෙහි පසුවුණි.