ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ප්‍රකාශ කළාය. ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කර සිටියේය. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි වනු ඇතැයි ද ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ වැඩිදුරටත් ප්‍රකාශ කළාය.