ඖෂධ

හදිසි මිලදී ගැනීම් යටතේ ගත් ඖෂධ වර්ග 400ක් රෝහල් වෙතට

ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුන ඖෂධ වර්ග 378 ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බවත්, නමුත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේය.

හදිසි ඖෂධ මිලදී ගැනීම් නවතා දමයි

ඉදිරි මාස කිහිපය ඇතුළත ඖෂධ හදිසි මිල දී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසයි. රටේ ඖෂධ අවශ්‍යතාව සපුරාගැනීමේ අරමුණින් පමණක් හදිසි මිල දී ගැනීම් සිදුකිරීමට පියවර ගත් බව කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේය. ඖෂධ නියාමන අධිකාරයේ පවතින අඩුපාඩු පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා …

හදිසි ඖෂධ මිලදී ගැනීම් නවතා දමයි Read More »