LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11දා ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

මෙ පිළිබඳව අදහස් දක්වන තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල පවසනුයේ ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් වියදම් කළ හැකි බවයි .

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෘජුව කණ්ඩායම් සමඟ ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන්ගේ විස්තර මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව Babar Azam, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න Colombo Strikes කණ්ඩායම සමඟ සෘජුව ගිවිසුම්ගත වී ඇති අතර David Miller, තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ Jaffna Kings කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව තිබේ.

එසේම Matthew Wade, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු Dambulla Aura කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති අතර Tabraiz Shamsi, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස් Kandy Falcons සමඟ ගිවිසුම්ගතව ඇති බවයි සඳහන් වෙයි.

Shakib Al Hasan, දසුන් ශානක, භානුක රාජපක්ෂ Galle Gladiators සමඟ ගිවිසුම්ගතව ඇති බව සඳහන් වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *