Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL මගින් බල ගැන්වූ අන්තර් පාසල් Esports ශූරතාවලිය නැවතත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Games and Esports ආයතනය වන Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL විසින් බලගැන්වූ අන්තර් පාසල් Esports ශුරතාවලියේ (Inter-School Esports Championship) ’22 හයවන අදියර සඳහා ලියාපදිංචි කිරීම අරම්භකර ඇත. දිවයිනේ විශාලතම පාසල් මට්ටමේ Esports ශූරතාවය ලෙස, මෙම ශූරතාවලිය ශ්‍රී ලංකාව පුරා පාසල් 150 කට අධික සංඛ්‍යාවකට Esports සදහා ඇති උද්‍යෝගකර හැගීමක් හඳුන්වා දෙයි. මෙම ශූරතාවලිය මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ රජයේ සහ පෞද්ගලික පාසල්වල සිටින සිසුන් සඳහා විවෘත වේ.

Esports සැලකිය යුතු අවධානයක් යොමු කල යුතු ක්‍රීඩාවක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකාව Esports ක්‍ෂේත්‍රය ගෝලීය වශයෙන් විශිෂ්ටත්වයට පත්කිරීම අරමුණු කර ගෙන තරඟකාරී වාසියක් ලබා දීම සඳහා පාසල් තුළ තරුණ තරුණියන්ට Esports සඳහා නිරාවරණයක් ලබා දීම අත්‍යවශ්‍ය බව එම අමාත්‍යාංශය පිළිගන්නා ලදී.

Gamer.LK විසින් 2016 දී මෙම ශූරතාවලි මාලාව ආරම්භ කරන ලද්දේ Esports පාසල්  මට්ටමින් නියාමනයට සහ අධීක්‍ෂණය වෙනුවෙන් පෙනී සිටීම සඳහායි. පුද්ගලයකුගේ ඇස් සහ අත් අතර වූ සමායෝජන හැකියාව (hand-eye coordination) වැඩි දියුණුවීම, ප්‍රතික්‍රියා වේගය (reflexes and reactions), කණ්ඩායමක් තුල සන්නිවේදනය කිරීමේ හැකියාව ඉහල යාම, තීරණාත්මක අවස්ථාවලදී නිවැරදි තීරණ ගැනීමට ඇති හැකියාව සහ විවේචනාත්මක චින්තනය වැඩි දියුණුවීම ඇතුළු Esports හි ප්‍රතිලාභ ගණනාවක් ඇති බව අධ්‍යයනවලින් සොයාගෙන ඇත. Gamer.LK හි පරමාර්ථය වන්නේ අනාගතයේ ප්‍රමුඛතම ක්‍රීඩාව බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන Esports පිලිබඳ උනන්දුවක් දක්වන සිසුන්හට දිරිගැන්වීම සහ සහය දීමයි.

එම තරගාවලිය මර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට 2021 දී ගත් තීරණයට ඒ ආකාරයටම ඉදිරියටම රැගෙන යන අතර සිසුන්හට අන්තර්ජාලය හරහා ජනප්‍රිය Esports titles 19 ක් සඳහා ලියාපදිංචි වී තරඟ කිරීමට හැකියාව ලැබෙනු ඇත. Esport සඳහා සහභාගී වන රජයේ සහ පෞද්ගලික පාසල් සිසුන්ට කණ්ඩායම් සහ තනි ඉසව් වලදී තම පාසල නියෝජනය කළ හැක. එසේ නියෝජනය කල හැකි Esports titles වන්නේ; Assetto Corsa eRacing, Arena of Valor, Call of Duty 4: Modern Warfare, Call of Duty Mobile, Clash Royale, Dota 2, FIFA 21, Free Fire, League of Legends, Mobile Legends, PUBG Mobile, Rainbow Six Siege, Real Cricket, Rocket League and Valorant. එමන්ම Fall Guys සහ Overwatch වැනි ප්‍රවර්ධක තරඟාවලිද ප්‍රදර්ශනයට කටයුතු සලස්වා ඇත. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ශිෂ්‍ය Esports ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා Clash Royal සහ Mario Kart Tour ඇතුලත් කාන්තා ලීගයක් ද ශූරතාවලියට අන්තර්ගතකර ඇත.

Gamer.LK හා InGame Esports හි ප්‍රධාන විධායක නිලධාරී සහ Sri Lanka Esports හි සභාපති රවීන් විජයතිලක මෙසේ පවසයි, “අපි උපරිමයෙන් උත්සහ කරන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් ශීග්‍රයෙන් වර්ධනය වන මෙම ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකික සිසුන් පසුබෑමකට ලක්නොවීම සහතික කිරීමටයි. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල දී Esports පදක්කම් ක්‍රීඩාවක් ලෙස එකතු කර ඇති අතර ශ්‍රී ලාංකාවේ ජාතික Esports කණ්ඩායම ඒ සඳහාතරඟ වැදීමට නියමිතයි. 2016 වසරේ සිට, අපි අන්තර් පාසල් Esports ශූරතාවලියේ පවත්වන අතර ශිෂ්‍ය සහභාගීත්වයේ සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කර ඇත. මීට අමතරව, බොහෝ දෙමාපියන් සහ ගුරුවරුන් පාසල් පද්ධතියට Esports ඒකාබද්ධ කිරීම අනුමත කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇත.”

ප්‍රභාත් දහනායක, සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි SLT-MOBITEL මෙසේ අදහස් එකතු කරන ලදි, “පුළුල් වන Esports ක්ෂෙත්‍රය සඳහා නිර්මාණය කර ඇති තරඟාවලියක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. එය සිසුන්ට විශිෂ්ට තරඟාවලි අත්දැකීමක් ලබා දෙනු ඇතැයි අපි සිතනවා. අපගේ ශක්තිමත් ජාලය Esports ක්ෂේත්‍රයේ අනාගතයට පහසුකම් සැලසීමට උපකාරී වන බව අපි දැනුවත්. ඒවගේම Esports සඳහා ඔවුන්ගේ උද්යෝගයට සහය වීමට සහ ඔවුන්ගේ උපරිම හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට ඔවුන්ට සහාය වීමට අපි උනන්දුවී කටයුතු කරනවා.”

මෙවර ශූරතාවලිය සඳහා අනුග්‍රහය දක්වනු ලබන්නේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL විසිනි. SLT-MOBITEL ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් විනෝදාස්වාදය සහ Esports සවිබල ගැන්වීම සඳහා පෙරමුණ ගෙන සිටින අතර, රට තුළ Esports ක්‍රීඩකයින් සඳහා පහසුකම් සපයන නිෂ්පාදන සපයනු ලබයි.

තරඟ 2023 මාර්තු මසයෙදී ආරම්භවන අතර වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා පිවිසෙන්න https://school.gamer.lk/.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *