Covid – 19 එන්නත් නිපද වීමට අඩිතාලම දැමූ විද්‍යාඥයින්ට නොබෙල් ත්‍යාගය හිමි වේ

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය mRNA Covid එන්නත් නිපදවීමට තුඩු දුන් තාක්‍ෂණය දියුණු කළ විද්‍යාඥයන් යුගලයකට පිරිනමා තිබේ.

හංගේරියානු ජාතික මහාචාර්ය Katalin Kariko සහ Drew Weissman යන අය වෙත මෙලෙස නොබෙල් ත්‍යාග හිමිවී ඇත.

වසංගතයට පෙර තාක්‍ෂණය පර්යේෂණාත්මක වූ නමුත් බරපතල Covid-19 ට එරෙහිව ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට මෙලෙස වැඩි දියුණු කළ එන්නත ලබා දී ඇත.

එම mRNA තාක්ෂණය දැන් පිළිකා ඇතුළු අනෙකුත් රෝග සඳහා පර්යේෂණ සිදු කෙරේ.

නොබෙල් ත්‍යාග කමිටුව පැවසුවේ, “නූතන යුගයේ මානව සෞඛ්‍යයට ඇති ලොකුම තර්ජනයක් අතරතුර පෙර නොවූ විරූ එන්නත් නිපදවීමේ වේගයට සම්මානලාභීන් දායක විය.”යනුවෙන්ය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *