Uncategorized

ජනාධිපතිවරණය ඔක්තෝබර් මුල් සතියේ ?

මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ජනපතිවරයා මේ බව අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි එම වාර්තා මගින් කියවුණේ.

ඉදිරි මාස 12 ගැන මොකද හිතෙන්නේ – මෙන්න මහ බැංකුවේ සුබ පණිවිඩය

ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් ඇතිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළකර සිටිනවා. ඔහු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පෙන්වා දුන්නේ ගෙවුණු වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිවූ බවයි. ඒ අනුව මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය …

ඉදිරි මාස 12 ගැන මොකද හිතෙන්නේ – මෙන්න මහ බැංකුවේ සුබ පණිවිඩය Read More »

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.5%සහ 9.5 % දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමටයි ඊයේ (25) පැවති රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.

CID ලොක්කෙක් ‘ජන බලවේගයේ’ ලොකු පුටුවකට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියෙකු මැයි මස ආරම්භ කිරීමට නියමිත ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේදී ප්‍රකාශ කර තිබෙනවා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් පරීක්ෂණ අවශ්‍ය නොවන බවත් පරීක්ෂණ හරහා මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳ සොයා බැලිය යුතු බවත් අනුර …

CID ලොක්කෙක් ‘ජන බලවේගයේ’ ලොකු පුටුවකට Read More »

සතුන් 88 දෙනෙකු සමග ‘රහසේම කටුනායකට පැමිණි’ යුවළ

නීති විරෝධිව රැගෙන පැමිණි සතුන් 88 දෙනෙකු සමග යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බැංකොන් නුවර සිට පැමිණි ගුවන් යානයකින් ඉත්තෑවන්, ලේනුන්, මත්ස්‍යයින්, කැස්බෑවුන්, කටුස්සන්, ඉබ්බන්, ගෙම්බන්, මීයන් සහ තවත් සත්ත්වයන් මෙලෙස රැගෙන විත් තිබුණා. මෙම සැකකාර යුවළ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්වනවා.

මෛත්‍රීගේ CID ප්‍රකාශය ගැන ගන්න ඉදිරි පියවර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමර්ශනය කිරීමෙන් පසුව නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ හිටපු ජනාධිපතිවරයා පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීම සිදු කළා. ඉන්දියාවේ සම්බන්ධයක් පිළිබඳව ද ඔහු එහිදී …

මෛත්‍රීගේ CID ප්‍රකාශය ගැන ගන්න ඉදිරි පියවර Read More »

අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (26) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත්බස්නාහිර, සබරගමුව, දකුණු සහමධ්‍යම පළාත්වලස වස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.. දකුණු පළාතේත් අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි …

අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි Read More »

මෛත්‍රී පාස්කු දින ප්‍රහාරය ගැන ‘ රහස් පොලිසියට කී’ රහස මෙන්න – මතු ආරක්ෂාවත් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එහි නිලධාරීන්ට ලබාදී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසනවා. ඔහු සඳහන් කර ඇත්තේ ඉන්දීය සම්බන්ධයක් මෙම ප්‍රහාරය පසුපස ඇති බවටයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔහුට අද පෙරවරුවේ …

මෛත්‍රී පාස්කු දින ප්‍රහාරය ගැන ‘ රහස් පොලිසියට කී’ රහස මෙන්න – මතු ආරක්ෂාවත් ඉල්ලයි Read More »

මෛත්‍රී එයි(Update)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේවන විට පැමිණ තිබෙනවා. …………………. අද උදේම මෛත්‍රී රහස් පොලිසියට පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් දන්නා බවට කරන ලද ප්‍රකාශයට පිළිතුරු දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නියමිතයි. අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව කැඳවා ඇති …

මෛත්‍රී එයි(Update) Read More »

බංග්ලාදේශ අසීරු තත්ත්වයකින් අද පිටියට

බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද(25) යි. ඊයේ තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 47 කට කඩුලු 5 ක් දැවී සිටි අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 464 ක් අවශ්‍යව තිබුණා. ඔවුන්ට ඒ සඳහා ඉතිරිව ඇත්තේ කඩුලු 5 ක් පමණයි.