News

මැයි 15 සිට කිරිපිටි අඩුවට

කිරිපිටි ආනයනකරුවන් සමග පැවති සාකච්චාවේදී ඵලදායි එකඟාතාවයකට පැමිණීමට හැකිවූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි . ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කිරීමට ඔවුන් එකඟවු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මහ කැලෑවක හිතුමනාපේ කෑම්පින් කළ යුවළකට අලියෙක් පහරදී කාන්තාවක් මරාදමයි.

කොස්ලන්ද උඩ දියළුම ප්‍රදේශයේ අනාරක්ෂිත වනබිමක ඉදිකළ කූඩාරමක රාත්‍රිය ගතකරමින් සිටි යුවළකට වල් අලියෙකු පහරදී ඇත. එම පහරදීමෙන් තරුණිය එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත . මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 23 වැනි වියේ පසුවූ තරුණියකි. මරණයට පත් කන්තාව සමග කූඩාරමේ සිටි තරුණයාද අලියා පහරදිමෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත. මෙම ස්ථානය කඳවුරු වනජීවී දෙපාර්තමේන්තුව සතු …

මහ කැලෑවක හිතුමනාපේ කෑම්පින් කළ යුවළකට අලියෙක් පහරදී කාන්තාවක් මරාදමයි. Read More »

මා නෙරපන්නට ඡන්දය දෙන්නේ ජනතා ද්‍රෝහීන්

තමන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඡන්දය ලබා දෙන මන්ත්‍රීවරුන් ජනතා ද්‍රෝහීන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි . තමන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නොරුස්සන පිරිසක් තමන් ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ ගන්නා බවත්, ඒ සඳහා ඔවුන් අභූත චෝදනා පත්‍රයක් සකස් කර ඇතැයිද ඔහු පවසයි. එම චෝදනා පත්‍රයට අත …

මා නෙරපන්නට ඡන්දය දෙන්නේ ජනතා ද්‍රෝහීන් Read More »

රට යන අපේ කිතුල්.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කරයි. කිතුල් නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ඇහැලියගොඩ ප්‍රදේශයේ සකස් කරන ලද කිතුල් පියස අද දින (12) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතින් විවෘත කිරීමට නියමිතය. එමෙන්ම කිතුල් නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීම සඳහා එම ගොවි ජනතාව හමුවී ඔවුන්ට අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම ද අද …

රට යන අපේ කිතුල්. Read More »

රැකියාවට යමින් සිටි තරුණියක් දින 05 ක සිට අතුරුදන්

පසුගිය ඉරිදා උදෑසන සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්වූ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කරන තරුණියක් දින 5ක සිට අතුරුදන්වී සිටීයි. ඇය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනව්වරා නමැති 22හැවිරිදි තරුණියකි. නිවසේ සිට කිලෝමීටර 2ක් පමණ පාගමනින් වැලිගල්ල දක්වා යායුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගනී.කෙසේවෙතත්, නිවසේ සිට මීටර් 100ක් පමණ ඉදිරියට යාමේදී …

රැකියාවට යමින් සිටි තරුණියක් දින 05 ක සිට අතුරුදන් Read More »

කළුතර දැරියගේ මරණ පිළිබඳ පරීක්ෂණ සී.අයි.ඩි යට

කළුතර ලගුම්හළකදී මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කටයුතු කර ඇත. එම පරීක්ෂණ කටයුතු බාර ගන්න ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ වෙත ලිඛිතව දැනුම් දීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. ඊට මුල් වී ඇත්තේ මේ මරණය සම්බන්ධ විමර්ශන පුළුල් සහ විනිවිද භාවයෙන් යුක්තව සිදු …

කළුතර දැරියගේ මරණ පිළිබඳ පරීක්ෂණ සී.අයි.ඩි යට Read More »

බදු අය කිරීමේ ප්‍රතිශතය අඩු කිරීමට සැලැස්මක්

බදු අය කිරිම් නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඉදිරියේදී ක්‍රමානුකූලව බදු අයකිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇති සමාගමක් විසින් යන්ත්‍රෝපකරණ ගෙන්වීමේ මුවාවෙන් ආනයනය කරන ලද දුම්වැටි …

බදු අය කිරීමේ ප්‍රතිශතය අඩු කිරීමට සැලැස්මක් Read More »

I.M.F නියෝජිතයන් සහ මහ බැංකු නිළධාරීන් අතර සාකච්චා ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හා මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (12) ආරම්භවීමට නියමිතය. පළමු සාකච්චාව සඳහා මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් සම්බන්ධවීමට නියමිත බවයි සඳහන් වෙයි. මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණ සිටින බවයි සඳහන් වෙයි.

එයාර් චයිනා ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගමන් අරඹයි

ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයාර් චයිනා ගුවන් සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ. ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවත්, එමගින් මෙරටට පැමිණෙන චීන සංචාරකයන් ප්‍රමාණය තව දුරටත් ඉහළ යනු ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය. මේවන විට ශ්‍රී ලංකන් …

එයාර් චයිනා ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගමන් අරඹයි Read More »

ඉම්රාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි! ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පසුගිය අඟහරුවදා දින අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බව අද එරට ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කළේය. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කරුණු දැක්වූ අගවිනිසුරුවරයා නාටකීය ස්වරූපයක් ගත් එම අත් අඩංගුවට ගැනිම පැහැර ගැනීමකට සමාන බව ප්‍රකාශ කළේය. අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, හිටපු අගමැතිවරයා වහාම නිදහස් කරන ලෙසත් අධිකරණය නියෝග කළේය. පසු ගිය අඟහරුවාදා …

ඉම්රාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි! ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි Read More »