News

බීමත් රියදුරන් අල්ලන බැලුන් නැහැ – රට පුරා පොලිසිවල ඇත්තේ 1500යි

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ දී උපයෝගී කරගන්නා බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසක ම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ජාතික පුවත්පතක් අද (19) වාර්තා කළා. එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වනවිට පොලිස් ස්ථානවලත්, රථවාහන කොට්ඨාසයේත් ඇත්තේ බීමත් රියදුරන් පරීක්ෂා කරන බැලූන් එක්දහස් පන්සියයක් පමණ බවයි. බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී ඔවුන් මත්පැන් පානය …

බීමත් රියදුරන් අල්ලන බැලුන් නැහැ – රට පුරා පොලිසිවල ඇත්තේ 1500යි Read More »

කතරගම මහ කපුවා කපෝතියි – දේවාලය පැත්ත පළාත තහනම්

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු තැන වන සොමිපාල රත්නායක සහ සහාය කපුවකු වන සමන් ප්‍රියන්ත යන අයගේ කපු ධුරයන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහතා විසින් මෙම පියවර ගෙන ඇත්තේ, දේවාලයට පූජා කළ පවුම් තිස් අටක බර රන් තැටියක් මෙම කපුවන් වංචනික ලෙස පැහැරගෙන ගිය බවට එල්ල …

කතරගම මහ කපුවා කපෝතියි – දේවාලය පැත්ත පළාත තහනම් Read More »

වී ගොවියෙකුට හෙක්ටයාරයකට 15,000ක් දෙන්න කැබිනට් අනුමැතිය

එක් ගොවියෙකුට වගා කරන උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිත වන පරිදි 2024 යල කන්නය සඳහා වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර එම නියමිත සහනාධාර මුදල් ගොවියන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුව ම බැරකිරීමට ද අමාත්‍ය මණ්ඩල …

වී ගොවියෙකුට හෙක්ටයාරයකට 15,000ක් දෙන්න කැබිනට් අනුමැතිය Read More »

මනාපයෙන් පත්වන මන්ත්‍රීවරු ගණන 165ක් කරන්න කැබිනට් අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය නීති සම්පාදනය කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ. එම නිර්දේශයන්ට අනුව මහමැතිවරණයකින් පාර්ලිමේන්තුවට පත් වන මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 165 දෙනෙකු අදාළ මැතිවරණ …

මනාපයෙන් පත්වන මන්ත්‍රීවරු ගණන 165ක් කරන්න කැබිනට් අනුමැතිය Read More »

කෝවිලේ පූජාවෙන් පාර්ලිමේන්තුව රත් වෙයි

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී විරෝධතාවක නිරත වුණා. ඒ පසුගිය දා වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්. අද (19) උදෑසන පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එම අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විරෝධතා පුවරු අතැතිව සභාගර්භය මධ්‍යයේ විරෝධතාවය ආරම්භ කළා. මේ හේතුවෙන් …

කෝවිලේ පූජාවෙන් පාර්ලිමේන්තුව රත් වෙයි Read More »

උසාවියේ දී හමුවෙමු

අපහාසයක් සම්බන්ධයෙන් ‍පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් විජිත් හේරත් මන්ත්‍රීවරයාට යොමු කරන ලද එන්තරවාසියට පිළිතුරු නොදෙන බව ජාතික ජන බලවේගය සඳහන් කරනවා. ජනහමුවකට එක්වෙමින් එම පක්ෂයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, රෝහිත අබේගුණවර්ධන මහතා විශාල ධනයක් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එක දවසට 996ක් දැලේ

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් සැකකරන 996ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 935 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 61 ක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 935 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ …

එක දවසට 996ක් දැලේ Read More »

රුපියල් 300ටත් මාළු – මෙන්න අද මාළු මිල ගණන්

අද (19) දිනයේ දී පෑලියගොඩ සහ මීගමුව ලෙල්ලම මාළු වෙළෙඳපොළවල මාලු කිලෝවක මිල සඳහන් වූයේ මේ ආකාරයටයි. ඒ අනුව පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ සාලයා කිලෝවක් රු 300/-ලින්නා කිලෝවක් රු 600/-හුරුල්ලෝ කිලෝවක් 700/-බලයා කිලෝවක් රු 450 -550/-කෙලවල්ලා කිලෝවක් රු 900 සිටපරව් කිලෝවක් රු 1200/-තලපත් කිලෝවක් රු 1300/-කොප්පරා කිලෝවක් රු 1800/-තෝරු කිලෝවක් රු 2500/-කුම්බලාවා කිලෝවක් රු 800/-බෝල්ලෝ කිලෝවක් …

රුපියල් 300ටත් මාළු – මෙන්න අද මාළු මිල ගණන් Read More »

ජනපතිවරණයට ලෑස්ති වන්න ජනපති කැබිනට්ටුවට දන්වයි

ජනාධිපතිවරණය මේ වසරේ දී පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (18) කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ, පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි. මේ අතර දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස …

ජනපතිවරණයට ලෑස්ති වන්න ජනපති කැබිනට්ටුවට දන්වයි Read More »

ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (19) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත …

ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි Read More »