News

මෛත්‍රීට පක්ෂය ‘තහනම් කිරීමත් සමග’ මුලස්ථානයට පැමිණ අසුන්ගත් පිරිස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අහිමි කරන ලද දුමින්ද දිසානායක ,මහින්ද අමරවිර සහ ලසන්ත අලගියවන්න යන මැති ඇමතිවරු සමග ජගත් පුෂ්පකුමාර රාජ්‍ය අමාත්‍යවරයා මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ඵානයට පැමිණ සිටිනවා. ඒ, මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමගයි. මෙහිදී විශේෂ …

මෛත්‍රීට පක්ෂය ‘තහනම් කිරීමත් සමග’ මුලස්ථානයට පැමිණ අසුන්ගත් පිරිස Read More »

මම අවුරුදු සමරනවා හිරගෙදර ඉඳන් – අතුරුදන්ව සිටි දමිතා කියපු කතාව

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව අතුරුදන්ව සිටි බව කියන දමිතා අබේරත්න මේ වන විට අධිකරණය භාරවී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (3) රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා. අධිකරණයට යාමට පෙර දමිත අබේරත්න මාධ්‍ය වෙත මෙලෙස …

මම අවුරුදු සමරනවා හිරගෙදර ඉඳන් – අතුරුදන්ව සිටි දමිතා කියපු කතාව Read More »

එජාපය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් නැවතත් පක්ෂයට

විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමඟ එක් වීමට සූදානමින් සිටින බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා  අවධාරණය කරනවා. එම පාක්ෂිකයින් එළඹෙන ලෝක කම්කරු දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජන බලය රටට පෙන්වා දෙන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (4) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් …

එජාපය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් නැවතත් පක්ෂයට Read More »

මෛත්‍රීපාල සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් අධිකරණ නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අනුව මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

යුක්රේනයට ඩොලර් බිලියන 107ක යුද ආධාර

ඩොලර් බිලියන 107ක යුද ආධාර යුක්රේනයට ලබාදීමට නේටෝ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නේටෝ සංවිධානයට අයත් සියලු රටවල් රැස්වී අද (4) ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතයි. මෙලෙස අවස්ථා රැසකදී නේටෝ සංවිධානය යුක්රේනයට යුද ආධාර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මාස තුනට 75,000කට ආසන්න පිරිසක් රට රස්සාවට ගිහින්

මේ වසරේ ගත වූ මුල් මාස 3 තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 75,000කට ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස් ගතවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය සඳහන් කළේ මෙම කාලය තුළ පුද්ගලයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදෙස් ගතව ඇති බවයි. ඉන් 39,900ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් වනවා. ශ්‍රී …

මාස තුනට 75,000කට ආසන්න පිරිසක් රට රස්සාවට ගිහින් Read More »

නවතලා නෑ – සුරාබදු බලපත්‍ර දෙන්නේ අලුත් පාරකින්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බව පවසනවා. අදාළ බලපත්‍ර ලබාදීමේ කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බව ඔහු පෙන්වා දෙනවා. සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. “සුරාබදු බලපත්‍ර ලබාදීම අපි ඉතාමත් ක්‍රමානුකූල ක්‍රමයකට තමා …

නවතලා නෑ – සුරාබදු බලපත්‍ර දෙන්නේ අලුත් පාරකින් Read More »

සෞඛ්‍ය අමාත්‍යාංශය මහජන සහය ඉල්ලයි

ශ්‍රී ලංකාව තුල සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ පවතින ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ දැනට ව්‍යාජ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් බව වාර්තාවනවා. වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සහ පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්යය කර තිබෙනවා. සෞඛ්‍ය …

සෞඛ්‍ය අමාත්‍යාංශය මහජන සහය ඉල්ලයි Read More »

ඩොලරය 280ට පහළ දමන ආණ්ඩුවේ උත්සාහය

පසුගිය වසරේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 370ක් බවට පත්ව තිබුණ බවත් එය ඉදිරියේදී 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එවිට ජනතාවගේ අතට ලැබෙන මුදල ශක්තිමත් වන බවයි උපාධිධාරී ගුරුවරුන් 2320 දෙනෙකුට පත්වීම් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ජනපතිවරයා සඳහන් කළේ. උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු …

ඩොලරය 280ට පහළ දමන ආණ්ඩුවේ උත්සාහය Read More »

පොදුජන පෙරමුණෙන් ‘මැති සභයට එන’ නව මන්ත්‍රී මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම්.ජී.වීරසේන මහතා පත්වීමට නියමිතව තිබෙනවා. දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 38241ක් ලබාගෙන මීළඟට සිටින්නේ ඒ මහතායි.