Gossip

ශාන්ත බණ්ඩාරටත් වැඩ බලන අමාත්‍ය ධුරයක්

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විදේශ ගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ජනපතිගෙන් හරිත ආර්ථික ප්‍රතිපත්තියක්

හරිත ආර්ථිකයට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස මෙරටට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්ම හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගි වීමට …

ජනපතිගෙන් හරිත ආර්ථික ප්‍රතිපත්තියක් Read More »

හම්බන්තොට නව තෙල් පිරිපහදුවට රටවල් රැසකින් අයදුම්පත්

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වූ ඊයේ (27) දින වන විට සමාගම් 07ක් ඒ සඳහා අයදුම්කර තිබේන බව වාර්තා වේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පවසා ඇත. චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානය යන රටවලට අයත් සමාගම් 05ක්ද, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි …

හම්බන්තොට නව තෙල් පිරිපහදුවට රටවල් රැසකින් අයදුම්පත් Read More »

සනත් නිශාන්තට එරෙහිව පෙත්සම් විභාගයට ගැනීම කල් යයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මස 27 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ. එම පැමිණිලි අද (28) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තද අධිකරණයේ පෙනී සිටියේය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම …

සනත් නිශාන්තට එරෙහිව පෙත්සම් විභාගයට ගැනීම කල් යයි Read More »

ඉන්දියාවේ සහායෙන් සූර්ය බලාගාරයක්

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේමෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 02කින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට එකඟතාවකට පැමිණ ඇත. මෙම ව්‍යාපෘතියේ 01 අදියර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 42.5ක සම්පූර්ණ ආයෝජනයකින් මෙගාවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 23.6ක ඇස්තමේන්තුගත වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා …

ඉන්දියාවේ සහායෙන් සූර්ය බලාගාරයක් Read More »

TikTok තහනම් කිරීමට ජපානයේ අවධානය

චීන සමාගමකට අයත් TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට ජපානයේ පාලක පක්ෂයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නීති සම්පාදකයින් කණ්ඩායමක් TikTok වැනි සමාජ මාධ්‍ය ජාල තහනම් කරන ලෙස රජයට බලකරමින් යෝජනාවක් සම්මත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එවැනි සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නේ නම් ඒවා තහනම් …

TikTok තහනම් කිරීමට ජපානයේ අවධානය Read More »

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් දැඩි තීරණයක්

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය කඩිනම් මැදිහත්වීමක් සිදුනොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබාදී නොමැති බව එහි සභාපති ශ්‍යම් බන්නැහැ ප්‍රකාශ කළේය. ඒ සඳහා රජය කඩිනමින් පියවර නොගතහොත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස දැඩි ක්‍රියාමාර්ගවල …

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් දැඩි තීරණයක් Read More »

ජනක රත්නායකගෙන් මුදල් අමාත්‍යංශට ලිපියක්

තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හේතු වූ කරුණු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර ඇතැයි බවත් එම දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යාංශය වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බවත් ජනක රත්නායක පවසයි. එමෙන්ම තමාට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ . කෙසේවෙතත් මහජන උපයෝගීතා …

ජනක රත්නායකගෙන් මුදල් අමාත්‍යංශට ලිපියක් Read More »

අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්

අමෙරිකාවේ නැෂ්විල් හි අවුරුදු 03ත් 11ත් අතර සිසුන් අධ්‍යාපනය ලබන පෞද්ගලික ක්‍රිස්තියානි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 6දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඝාතනයට ලක්ව ඇති ළමුන් තිදෙනා 09 හැවිරිදි වියේ පසුවූ සිසුවියන් බවට හඳුනාගෙන තිබේ. වෙඩිතැබීම කාන්තාවක් විසින් සිදුකර ඇති අතර පොලීසිය විසින් ඇයව ද වෙඩි තබා ඝාතනය කර …

අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක් Read More »

මැතිවරණය ගැන තීරණය ලබන 4 වනදා

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට නියමිතව තිබේ. පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (28) දිනයේ ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් දමන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය. …

මැතිවරණය ගැන තීරණය ලබන 4 වනදා Read More »