Gossip

අයි.එම්.එෆ් ණය වාරිකයෙන් ඉන්දීය ණයෙන් කොටසක් ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු වාරිකයෙන්ඉන්දීය රජයෙන් මෙරටට ලැබුණු ණය මුදල් සඳහා පළමු වාරිකය නැවත ගෙවීම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 121 ක් ගෙවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

”විනිසුරුවරුනට අත නොතබනු” නීතීඥයෝ අළුත්කඩේ විරෝධතාවයක

”අධිකරණයට අත නොතබනු” යන මැයෙන් නීතීඥවරු අද දිනයේදී අලුත්කඩේ උසාවිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී දොළවත්ත විසින් පාර්ලිමේන්තුවේදි පසුගියදා විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවිය යුතු බවට කළ ප්‍රකාශය සහ ඒ සම්බන්ධව රජයේ ප්‍රතිචාරයන්ට එරෙහිව මෙම විරෝධතාව දැක්විනි. ඊට නීතීඥවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ජනාධිපති I.M.F. සහන දිනාගැනීමට සමත් වීමෙන් විපක්ෂයට සටන් පාඨ අහිමි වුනා

රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනිම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අපේක්ෂිත සහන ලබා ගැනිම සදහා ජනාධීපති රනිල් වික්‍රමසිංහගේ පරිණත දේශපාලන ආර්ථිකය ඥාණය ප්‍රධාන හේතුව වු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි. විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් මේ රට යහපත් අතට හැරෙන එකට විරුද්ධ බවත්, රට යහපත් තත්ත්වයට පැත්වූ පසු විපක්ෂයට දේශපාලනයට සටන් පාඨ නැතුව …

ජනාධිපති I.M.F. සහන දිනාගැනීමට සමත් වීමෙන් විපක්ෂයට සටන් පාඨ අහිමි වුනා Read More »

ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ජත්‍යන්තර මුල්‍ය අරමුදලට දොස්

පසුගිය සැප්තැම්බර් මාසයේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ජනවරමක් අවශ්‍ය බව කී ජත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වන විට ආණ්ඩුව සමග ගණුදෙනු කරන්නේ ඊට හදිසි ජනවරමක් ලැබී ඇති නිසාදැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව අමතමින් අද විමසීය. ආණ්ඩුවට විපක්ෂය සමග සාකච්ඡා කර එකඟතාවයක් සහිතව මුල්‍ය අරමුදල වෙත යාමට තිබූ බවද පැවසූ ඔහු ජනතාව මේ වන …

ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ජත්‍යන්තර මුල්‍ය අරමුදලට දොස් Read More »

රතිඤ්ඤා පත්තු කරන්නට හේතුව මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවූ පසු රට පුරා ජනතාව රතිඤ්ඤා දල්වා ඇත්තේ ණය මුදලක් ලැබීමේ නිසා නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. එසේ ජනතාව සිය සතුට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව වසරක පමණ කාලයක් තිස්සේ පැවැති බංකොලොත් භාවයෙන් මිදීම නිසා බවදොහු සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමෙන් …

රතිඤ්ඤා පත්තු කරන්නට හේතුව මෙන්න Read More »

පොලිස් නිළධාරීන් පොලිසිය හැර යයි

පොලිසියේ රාජකාරි කරමින් 260 දෙනකු මේ වසරේ මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් ඇත ඇතැයි පොලිස් මුලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස සේවය හැර ගොස් සිටින පිරිසෙන් බහුතරය පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි. රාජකාරි සහ පෞද්ගලික කරුණු නිසා හටගන්නා ආතතිය, රාජකාරි කිරිමේදී ඇතිවන බලපෑම්, ආර්ථික ප්‍රශ්න, අධික රාජකාරී ඇතුළු …

පොලිස් නිළධාරීන් පොලිසිය හැර යයි Read More »

මහ බැංකු අධිපතිගෙන් IMF මූල්‍ය පහසුකම ගැන ප්‍රකාශයක්

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අදහස් දක්වා තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ, මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන භාවිත කළ හැකිව තිබුණේ ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමට වුවත් මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ විශේෂත්වයක් ඇති …

මහ බැංකු අධිපතිගෙන් IMF මූල්‍ය පහසුකම ගැන ප්‍රකාශයක් Read More »

ජල සේවකයින් වර්ජනයකට සැරසෙයි

ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ . ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක සඳහන් කළේ, පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි. එමෙන්ම ඔවුන්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් මෙසේ වැඩවර්ජනයක් සිදු කිරීමට …

ජල සේවකයින් වර්ජනයකට සැරසෙයි Read More »

මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට

අද (22) පෙරවරු 9.30 පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත අතර ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ඩොලර් බිලියන 03ක පමණ විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය මේ වන …

මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට Read More »

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් සහාය දක්වන බව ඉන්දියාව පවසයි. ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර ඊයේ (21) පස්වරුවේ සිදුවූ හමුවේදී මේ පිළිබඳව ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට ඉන්දීය ආයෝජිකයින් ආකර්ශනය කර ගැනීම, දිවිපාර්ශවික වෙ‍ළෙඳාම වැඩිදියුණූ කිරීම , ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම …

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක් Read More »