පාකිස්ථානයේ භුකම්පනයක්
පාකිස්ථානයේ රික්ටර් මාපාංක 5.5ක භූමිකම්පාවක් සිදුව ඇති බවත් ඉස්ලාමාබාද් සහ ලාහෝර් අවට ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
පාකිස්ථානයේ රික්ටර් මාපාංක 5.5ක භූමිකම්පාවක් සිදුව ඇති බවත් ඉස්ලාමාබාද් සහ ලාහෝර් අවට ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් 87% ක ඡන්ද ප්‍රතිශතයකින් යළි ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පුටින් මෙතෙක් සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් අතර එය රුසියාවේ පශ්චාත් සෝවියට් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ප්‍රතිඵලයයි. කෙසේ නමුත් පුටින්ගේ මෙම මැතිවරණය ජයග්‍රහණය නීත්‍යානුකූල නොවන බවට මේවන විට විවේචන එල්ලවී තිබෙනවා.
ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනී උර්වෂී රවුටෙලාගේ උපන්දිනය පිළිබඳව ලොව පුරා කතාබහට ලක්වුණේ කැරට් 24 රත්‍රන් ආවරණයකින් නිමවුණු කේක් නිර්මාණයක් නිසයි. උර්වෂීගේ උපන්දිනයට මේ කේක් ගෙඩිය නිර්මානය කර ඇත්තේ ලාංකේය තරුණයකු බව ඔබ නොදන්නවා ඇති. ප්‍රසන්න කුමාර රාජගුරු නම්වන ඔහු ඩුබායිහි ඇමේසින් කේක් ආයතනයේ හිමිකරුවනවා. උර්වෂීගේ උපන්දිනය ලොව පුරා ජනප්‍රිය කළ ඒ සුවිශේෂී කේක් නිර්මාණය ගැන …
ලොවම කතා වුණ උර්වෂීගේ ‘රත්‍රන් කේක් එක හැදුවේ’ ලංකාවේ කොල්ලෙක් Read More »
ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ දී ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් තිබෙනවා. ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් සිටි බවත් එහි සිටි 25 දෙනෙක් මුදාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඉතාලි වෙරළාරක්ෂක සේවායේ සහායෙන් එම පිරිස බේරාගෙන තිබෙනවා.
පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. රටේ ආර්ථික අභියෝග නිසා භාණ්ඩාගාරයට තමන් බරක් නොවීම සඳහා ඔහු මෙම පියවර ගෙන තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද වැටුපක් ලබා නොගැනීමට තීරණය කර තිබෙනවා.
හිටපු ඇමරිකානු ජනාධිපති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටික්ටොක් යනු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසයි . සඳුදා උදෑසන CNBC හි “Squawk Box” හි සම්මුඛ සාකච්ඡාවකදී TikTok ජාතික ආරක්ෂක තර්ජනයක් යැයි ඔහු විශ්වාස කරන්නේ දැයි ඇසූ විට “මම එය විශ්වාස කරමි” යනුවෙන් ට්‍රම්ප් පිළිතුරු දුන්නේය . ටික්ටොක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මුත් එය තහනම් ”ජනතාවගේ සතුරා” ෆේස්බුක් ජනප්‍රිය …
ටික්ටොක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ට්‍රම්ප් කියයි Read More »
පාකිස්ථානයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අසීෆ් අලි සර්දාරි, තම 31 හැවිරිදි දියණිය වන අසීෆා භූතෝ එරට ජනාධිපති ආර්යාව (First Lady) ලෙස නිල වශයෙන් නම්කර තිබෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපති ආර්යාවගේ ගෞරවය හිමිවන්නේ ජනාධිපතිවරයාගේ බිරිඳට වුවත්, අසීෆාව, ජනාධිපති ආර්යාව ලෙස නම් කිරීමටයි ජනාධිපති සර්ධාරි කටයුතු කර ඇත්තේ. ඒ අනුව ජනාධිපති ආර්යාව ට හිමිවන සියලු වරප්‍රසාද අසීෆාට …
යුක්‍රේන ජාතික සිනමාකරුවෙක් සහ යුධ වාර්තා කරුවෙක් වන Mstyslav Chernov ගේ 20 Days in Mariupol චිත්‍රපටය පසුගිය ඉරිදා ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. 2022 වසරේ පෙබරවාරි මස රුසියානු ආක්‍රමණයේ මුල් දින කිහිපයේ දකුණුදිග මරියුපෝල් නගරයට එල්ල වූ ප්‍රහාරය අලලා නිර්මාණය කර ඇති එම චිත්‍රපටය රුසියානු ආක්‍රමණයේ වියරු ස්වාභාවය ලෝකයට පැහැදිළි …
රුසියාවේ යුධ අපරාධ ලෝකයට පෙන්වන 20 Days in Mariupol චිත්‍රපටයට ඔස්කාර් සම්මානයක් Read More »
අභ්‍යන්තර ගුවන් ගමනක් අතරතුර දී, එම ගුවන් යානය පදවමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනාට නින්ද යෑමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා. ඉන්දුනීසියාවේ ජනප්‍රිය ගුවන් සේවයක් ලෙස සැලකෙන ‘බතික් එයාර්’ ගුවන් සේවයට අයත්, එයාර් බස් ‘ඒ 320’ වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනකුටයි මේ ආකාරයෙන්න් උඩු ගුවනේ දී නින්ද ගොස් තිබුණේ. එම අවස්ථාවේදී යානය, ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ ගුවන්තොටුපොළේ …
96 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම සිනමා පටය ලෙස, Oppenheimer චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. තව ද ඊට රංගනයෙන් දායකත්වය දැක් වූ Cllian murphy හොදම නලුවාට හිමි සම්මානය දිනගත් අතර එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ක්‍රිස්ටෝපර් නොලාන් හොඳ ම අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානය ද දිනා ගත්තා. එම සම්මාන උළෙලේ, හොඳ ම සහාය නලුවා, හොඳ ම සිනෙමා …