Author name: Editor

ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ දී ඇරඹෙයි.

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහි දී ඊයේ දිනයේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක උත්සවය හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. 19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහි දී ඉකුත් වසරේ පැවැත්වීමට නියමිත ව තිබුණ ද කොවිඩ් වෛරසය යළි එරට ප්‍රදේශ කිහිපයක ව්‍යාප්ත වීමත් සමඟ ක්‍රීඩා උලෙළ මෙම වසරට කල්දැමීමට සංවිධායකයෝ තීරණය කළහ. චීනය ආසියානු …

ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ දී ඇරඹෙයි. Read More »

ජනපති යලිත් දිවයිනට.

කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරය නිමකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද දිවයිනට පැමිණ තිබේ. අද උදෑසන 08.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ. ජනාධිපතිවරයා සැප්තැම්බර් මස 15 සහ 16 යන දෙදින කියුබාවේ හවානා නුවර පැවති G – 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ අතර අනතුරුව අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ …

ජනපති යලිත් දිවයිනට. Read More »

ගාල්ලේ වෙඩි තැබිමෙන් කැෂුවල් ක්ලබ් හිමිකරු මරුට.

අද පස්වරුවේ ගාල්ල ඉහළ ඩික්සන් පාරේ සිදුවු වෙඩි තැබීමකින් ගාල්ල කැෂුවල් ක්ලබ් හී හිමිකරු මියගොස් ඇති බව වාර්තාවේ. යතුරු පැදියකින් පැමිණි නඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවත්, පලාගිය සැක කරුවන් සොයා පොලිස් මෙහෙයුම් අරබා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. ඝාතනය කරනා ලද පුද්ගලයා ගාල්ල නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි .

පූජනීය ස්ථානවලට පර්චසය රුපියල් 100 ගානේ හරීන්ගෙන් ඉඩම්

මෙතෙක් ඔප්පු නොමැති බවට හඳුනාගෙන ඇති පූජනීය ස්ථාන තුන්සිය හතළිස් තුනක් අතරින් 153 කට ඔප්පු සැකසීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සඳහන් කරයි. සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ උපදෙස් මත මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක වෙයි. එහිදී පර්චයක වටිනාකම රුපියල් සීයක් ලෙස තක්සේරු කරමින් ඔප්පු ලබා දීම සිදු කරයි.මෙතෙක් රජයේ තක්සේරුයෙන් 25%ක …

පූජනීය ස්ථානවලට පර්චසය රුපියල් 100 ගානේ හරීන්ගෙන් ඉඩම් Read More »

ඉන්දියාව අද සුපිරි ක්‍රීඩාංගණයට මුල්ගල් තබයි

ඉන්දියාව තුළ තවත් සුපිරි පන්නයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිම වෙනුවෙන් මුල්ගල් තැබීම අද (23) සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.ඉන්දීය අග්‍රාමාත්‍ය නර්න්ද්‍ර මෝදි විසින් මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල් තැබීමට නියමිතය. ඉන්දියාවේ වාරානාසි හිදී මෙම නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමටයි සැලසුම වී ඇති අතර, 2025 වසරේ දෙසැම්බර් වන විට මෙම ක්‍රීඩාංගණයේ සියලු වැඩ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු …

ඉන්දියාව අද සුපිරි ක්‍රීඩාංගණයට මුල්ගල් තබයි Read More »

රුපියල් මිලියන 1400 ක සුරාබදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක් අතුරුදහන් වෙයි

රුපියල් මිලියන 1400 කට අධික සුරා බදු මුදලක් රජයට වංචාකර ඇති වයඹ ස්ප්‍රිතු සහ ග්ලෝබ් බ්ලෙන්ඩර් නම් සමාගම් දෙක තිබූ තැනක්වත් සොයා ගැනීමට නොහැකි බව සුරාබදු දෙපර්තමේන්තු නිළධාරීන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවට දැනුම්දී ඇතිබව එම කාරක සභාවේ සභාපති පාඨළී චම්පික රණවක සඳහන් කරයි. රුපියල් මිලියන 6500 ඉක්මවා පැහැර හැර ඇති සුරාබදු අය කර …

රුපියල් මිලියන 1400 ක සුරාබදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක් අතුරුදහන් වෙයි Read More »

පුංචි ඡන්දෙයේ නාම යෝජනා අවලංගු කිරීමෙන් ලක්ෂ දස දහසක පාඩුවක්

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීමට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ කමිටුවක් විසින් පසුගිය දා ගෙන ඇති තීරණය මඟින් රුපියල් ලක්ෂ දස දහසක මුදලක් රටට අහිමි වන බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි. රට ආර්ථික අර්බුදයකට පත් ව ඇති මොහොතක මෙවැනි තීරණ ආණ්ඩුවකින් සිදු නොවිය යුතු බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.“මේ …

පුංචි ඡන්දෙයේ නාම යෝජනා අවලංගු කිරීමෙන් ලක්ෂ දස දහසක පාඩුවක් Read More »

අද පැය 12ක ජල කප්පාදුව ගැන ඔබ දැනුවත්ද?

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. අඹතලේ ජල සැපයුමට අදාළ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු වන බව එම මණ්ඩලය සඳහන් කර තිබේ. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ …

අද පැය 12ක ජල කප්පාදුව ගැන ඔබ දැනුවත්ද? Read More »

ප්‍රදේශ කිහිපයකටම අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති …

ප්‍රදේශ කිහිපයකටම අදත් තද වැසි Read More »

ආනයනික කිරි පිටි බද්ද ඉහළට

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම බදු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බව, වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එමෙන්ම, මෙලෙස බදු ඉහල දැමීම හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බවද අමාත්‍යවරයා පැවසීය.