චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා Air China ගුවන් සේවය සෘජු ගුවන් ගමන් එළඹෙන ජුලි මස 03 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා ගුවන් ගමන් වාර 3ක් සහ කටුනායක සිට චීනයේ සිචුආන් දක්වා ගුවන් ගමන් වාර 3ක් ආරම්භ කිරීමට නියමිතව වේ.
ඒ අනුව චීනයේ සිචුආන් සිට ගමන් අරඹන Air China CA 425දරණ ගුවන් යානය සතියේ සෑම දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 08.55ට කටුනායකට ළඟාවීමට නියමිතය.
එසේම කටුනායක සිට ගමන් අරඹන Air China CA 426 දරණ ගුවන් යානය සතියේ සෑම දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 10.15ට චීනයේ සිචුආන් වෙත ළඟාවීමට නියමිතය.