මා ව

දේවස්ථානයක දොරටුව ළඟ හිටපු කොටියෙක් – පිහි දෙකක්

මීගමුව කඩොල් කැලේ උත්තාන වූ සමිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ පිවිසුම් දොරටුව ආසන්නයේදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු පිහි දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා. මඩකළපුව කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි කන්දසාමි වේදනායගම් නමැත්තකු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් පිහියක් සැකකරුගේ කලිසම් සාක්කුවේද අනෙක් පිහිය ඔහු සතු ගමන් බෑගයේ ද …

දේවස්ථානයක දොරටුව ළඟ හිටපු කොටියෙක් – පිහි දෙකක් Read More »

සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. 92 වර්ගයේ ඉන්ධන ලීටරයක් රුපියල් 368ක් වන අතර සයිනොපෙක් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 360ක් බවයි සයිනොපෙක් සමාගම සඳහන් කරන්නේ.

60 Plus කිරුළ රංජිත් රත්නායකට

Derana 60 Plus Season 05 අවසන් මහා තරගයේ කිරුළ හිමි කර ගැනීමට රංජිත් රත්නායක මහතා සමත්ව තිබෙනවා. දෙවන ස්ථානය සුනිමල් පීරිස් මහතාට ද තෙවන ස්ථානය ධනවර්ධන ගාල්ලගේ මහතාට ද හිමි වුණා. Derana 60 Plus Season 05 අවසන් මහා තරගය පැවැත්වුණේ අද (31) රාත්‍රියේ දීයි. ජනප්‍රියම ගායන තරුව ලෙස සමන්මලී ගීකියනගේ මහත්මිය මෙහිදී තේරී පත්ව තිබෙනවා.

කොටි නිසා ලංකාව ආසියාවේ එකට ආපු හැටි

මෙරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය බවට පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා. 2011 වසරේ සිට සත්වවේදියෙකු වූ කිස්තිරි ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකට අනුව මේ බව අනාවරණය කරගෙන ඇති අතර එම පර්යේෂණයට අනුව මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානයේ කොටි 313කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවමින් සිටින බව හෙළිව තිබුණා. කොටි දේණුවන් 08ක් පමණ …

කොටි නිසා ලංකාව ආසියාවේ එකට ආපු හැටි Read More »

දිලිත් දෙරණේ සිටියදීම ‘පොහොට්ටුවේ දේශපාලනය කළ බව’ ප්‍රසිද්ධියේ පිළිගනී

“අපේ හාමුදුරුවනේ ඔය පොහොට්ටුව මම අතින් ඇඳපු ලාංඡනය. අලුත් ශ්‍රී ලංකාවක් කියලා මම අතින් ලියුවේ ඔය පොහොට්ටුව අයිති අපිට. ඔය පොහොට්ටුව අයිති නෑ විවේකයට ලංකාවට ඇවිල්ලා වහල්ලු වගේ මේ මිනිස්සු හසුරුවන බැසිල් රාජපක්ෂට කියලා මම බොහොම කණගාටුවෙන් කියන්නට කැමැතියි.” යනුවෙන් දෙරණ ආයතනයේ හිටපු සභාපති සහ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා. බදුල්ලේ පැවති …

දිලිත් දෙරණේ සිටියදීම ‘පොහොට්ටුවේ දේශපාලනය කළ බව’ ප්‍රසිද්ධියේ පිළිගනී Read More »

බංගලියන් හමුවේ ලංකාව ඉතිහාසය වෙනස් කරලා – මෙන්න ලෝක වාර්තා

ශ්‍රී ලංකා -බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය ලෝක ඉතිහාසයට එක්ව තිබෙනවා. කමිඳු මෙන්ඩිස් පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 92ක් මෙහිදී රැස්කරගත් අතර ඔහු ක්‍රිඩාකළ ටෙස්ට් ඉනිම් හතර තුළදී ලකුණු 419ක් රැස්කරගැනීම 1976 වසරේදී ජාවේඩ් මියැන්ඩාඩ් පළමු ටෙස්ට් ඉනිම් 4 තුළ වාර්තා කර තිබු ලකුණු 419ක වාර්තාව සම කිරීමක් වනවා.. කමිඳු පළමු ටෙස්ට් ඉනිම 4 තුළදී අර්ධ …

බංගලියන් හමුවේ ලංකාව ඉතිහාසය වෙනස් කරලා – මෙන්න ලෝක වාර්තා Read More »

අද රෑ සිට ඉන්ධන මිලේ සැලකියයුතු අඩුවීමක් – නව මිල ගණන් මෙන්න

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.

බාල බෙහෙත් දුන් අයට වැඩ වරදී – රෝගීන්ගේ ලැයිස්තුව උසාවියට ඉල්ලයි

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ සහ ජීවිතක්‍ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කර තිබෙනවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර …

බාල බෙහෙත් දුන් අයට වැඩ වරදී – රෝගීන්ගේ ලැයිස්තුව උසාවියට ඉල්ලයි Read More »

කච්චතිව් ගැන වසර 50කට පසු අනාවරණයක් – ලංකාවට දුන්නාට මෝදි කේන්තියෙන් දොස් කියයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා. 1974 වසරේදී ඉන්දිරා ගාන්ධි මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දීමට කටයුතු කර තිබෙන බවට තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගත් …

කච්චතිව් ගැන වසර 50කට පසු අනාවරණයක් – ලංකාවට දුන්නාට මෝදි කේන්තියෙන් දොස් කියයි Read More »

වසරක් තුළ ආර්ථික වර්ධනයක් – ඇඟලුම් ක්ෂේත්‍රයත් ඉහළට

අපනයන අංශය 2023 පෙබරවාරි සිට මේ වසරේ පෙබරවාරි දක්වා 7.9 % ක වර්ධනයක් ළඟාකරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එම වකවානුව තුළ ඇඟලුම් ක්ෂේත්‍රයද 10.8 % කින් වර්ධනය වී ඇති බවයි ඔහු සඳහන් කළේ. විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද එම වකවානුව තුළ ඩොලර් මිලියන 407 සිට ඩොලර් මිලියන 476 දක්වා එනම් 16.9 % ක …

වසරක් තුළ ආර්ථික වර්ධනයක් – ඇඟලුම් ක්ෂේත්‍රයත් ඉහළට Read More »