මා ව

ඉන්ධන මිල වෙනස් වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371 කි. ලංකා සුදු ඩීසල් ලීටරය රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363 කි. ලංකා භූමිතෙල් ලීටරය …

ඉන්ධන මිල වෙනස් වෙයි Read More »

දයා රත්නායක පක්ෂයට ගත්තාට ෆොන්සේකාට කේන්ති යයි

මීට දින කිහිපයකට පෙර සමගි ජන බලවේගයට එක්වූ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක වහා පක්ෂයෙන් ඉවත් කරන්නැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂ සරත් ෆොන්සේකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියි . එසේ නොවුවහොත් පක්ෂයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ඔහු පවසයි. මෙම තත්ත්වය කණගාටු දායක බවත් තමා පක්ෂය හැර නොයන නමුත් එම පත්වීමට …

දයා රත්නායක පක්ෂයට ගත්තාට ෆොන්සේකාට කේන්ති යයි Read More »

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ…

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ අනුමැතිය ද හිමි වූ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නායකත්වය ධනංජය ද …

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ… Read More »

රාජපක්ෂ පවුලට තවත් රාජ්‍ය ඇමැති ධූරයක්.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ අමාත්‍යවරයා ලෙස ශෂින්ද්‍ර රාජපක්ෂ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. එම අමාත්‍ය ධුරය මින් පෙර හෙබවූයේ පසුගියදා අභාවප්‍රාප්ත වූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසිනි. අද (31) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කෙරිණි. කවීෂා විදානගමගේ

බෙලිඅත්තේ පස් දෙනෙකු මරුවාට තවත් තිදෙනකු අත්අඩංගුවට.

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසලදී සිදුවූ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනකු හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාතර දී තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 28, 42 සහ 58 …

බෙලිඅත්තේ පස් දෙනෙකු මරුවාට තවත් තිදෙනකු අත්අඩංගුවට. Read More »

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගිලන්රථ සේවාවක් ඇරඹේ.

මාලදිවයින සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) අතර ගුවන් ගිලන්රථ සේවාවක් මේ වසරේ මාර්තු 1 වැනිදා ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි . දෙරට අතර ගුවන් ගිලන්රථ සේවාවක් ආරම්භ කිරීමේ අරමුණින් මාලදිවයිනේ ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර අද …

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගිලන්රථ සේවාවක් ඇරඹේ. Read More »

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන්ට වසර දෙකක සිර දඬුවම්

දිවයිනේ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දස දෙනෙකුට පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ. මෙම නඩුව යළි කැඳවන ඔක්තෝබර් 24 වන දින අධිකරණයට අධිකරණයට පැමිණෙන ලෙස ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුට නියෝග කළ අතර, එතෙක් නෞකාව රඳවා තබාගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය. නීති විරෝධීව ශ්‍රී ලංකා ජල තීරයට ඇතුළුවීම …

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන්ට වසර දෙකක සිර දඬුවම් Read More »

වේල්සයෙන් මධ්‍යතන යුගයට අයත් අභිරහස් සුසාන භූමියක් සොයා ගැනේ

පුරාවිද්‍යාඥයින් මවිත කරමින් වේල්සයෙන් දුර්ලභ මුල් මධ්‍යතන යුගයට අයත් සුසාන භූමියක් සොයාගෙන තිබේ. එය ක්‍රිස්තු වර්ෂ 6 හෝ 7 වන සියවසට අයත් සුසාන භූමියක් බවත් එහි සොහොන් ගැබ් 70න් 18ක්ම මේ වනවිටත් කැණීම් කර අවසන් බවත් තවදුරටත් වාර්තා වේ. මේ තුළ තිබී හොඳින් සංරක්ෂණය කර ඇතැම් ඇටසැකිලි අසාමාන්‍ය අයුරින් තැන්පත් කර ඇති ආකාරය පුරාවිද්‍යාඥයින්ට දැකගත …

වේල්සයෙන් මධ්‍යතන යුගයට අයත් අභිරහස් සුසාන භූමියක් සොයා ගැනේ Read More »

මිනිසෙකුගේ මොළයට සාර්ථකව චිපයක් බද්ධ කරයි.

එලෝන් මස්ක් (Elon Musk) විසින් ආරම්භ කල ඔහුගේ Neuralink සමාගම මඟින් පළමු වරට සාර්ථක ලෙස මිනිසකුගේ මොළයට ‘චිපයක්’ බද්ද කිරීමක් සිදුකර තිබේ. මෙම සමාගමේ ඉලක්කය වී ඇත්තේ, සංකීර්ණ ස්නායු රෝග තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මිනිස් මොලය පරිගණක වලට සම්බන්ධ කිරීමයි. මෙම තාක්ෂණික අත්හදා බැලීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය ද අනුමැතිය ලබා …

මිනිසෙකුගේ මොළයට සාර්ථකව චිපයක් බද්ධ කරයි. Read More »

ෆිල්ම්ෆෙයාර් උළෙලේදී ආලියාට සහ රන්බීර්ට සම්මාන.

69 වන ‘ෆිල්ම්ෆෙයාර්’ (FILMFARE) සම්මාන උළෙල ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී පැවැත්වූ අතර එහිදී 2023 වසරේ තිරගත වූ සිනමාපට වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරුණි. මෙම සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්‍ර වූ අතර මෙවර හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ, ඔහුගේ බිරිඳ වන ආලියා භාත්ය. ‘ඇනිමල්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම නළුවා ලෙස රන්බීර් …

ෆිල්ම්ෆෙයාර් උළෙලේදී ආලියාට සහ රන්බීර්ට සම්මාන. Read More »