මා ව

වැස්ස නිසා බඩ ඉරිඟුවලට රෝගයක්. දැනටමත් අක්කර දහස් ගානක් විනශයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් බඩ ඉරිගු වගාව ආශ්‍රිත රෝගී තත්වයක් පැතිර යමින් ඇතිබව උතුරු මැද පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ බුද්ධික අබේසිංහ ප්‍රකාශ කළේය. කොකුඅංගමාරය හෝ කඳ කුණුවීමේ රෝගය ලෙස හඳුන්වන මෙම රෝගය අනුරාධපුර මොණරාගල ,අම්පාර සහ හම්බන්තොට වැනි ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගෙන ඇතිබව ඔහු වැඩි දුරටත් පැවසීය. ඒ හේතුවෙන් මේවන විට අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී …

වැස්ස නිසා බඩ ඉරිඟුවලට රෝගයක්. දැනටමත් අක්කර දහස් ගානක් විනශයි. Read More »

පොලොන්නරුවේ මහ වැව් සියල්ල පිටාර ගලයි. සෝමාවතිය යටවෙයි, කුඹුරු අක්කර දහස් ගණනක් විනාශයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට යම් තරමකට පහව ගියත් මහා ජලාශ සියල්ල තවමත් වාන් දමමින් තිබෙන බවත් පොලොන්නරුව මඩකළපුව මාර්ගය ගල්ලෑල්ලේ සිට මනම්පිටිය දක්වා තව දුරටත් වසා දමා ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. අද (31) දහවල්වන විටත් පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා ගංවතුර තත්ත්වය අඩි 3ක් පමණ …

පොලොන්නරුවේ මහ වැව් සියල්ල පිටාර ගලයි. සෝමාවතිය යටවෙයි, කුඹුරු අක්කර දහස් ගණනක් විනාශයි Read More »

වැට් නිසා ගෑස් මිල හෙට සිට ඉහළට

නව වැට් බදු සංශෝධන සමඟින් ජනවාරි මස පලමුවෙනිදා සිට ගෑස් මිල සැළකිවයුතු ගණනකින් ඉහළ යාමට නියමිත බව වාර්තාවේ. කෙසේ වෙතත් ගෑස් සඳහා මෙතෙක් අය කළ වරාය හා ගුවන් සේවා බද්ධ 2.5%ක ප්‍රමාණය ඉවත් කර තිබේ. එම නිසා 15.5% කින් ගෑස් මිල ඉහළ යාමට නියමිත බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි. නව බදු ප්‍රතිශතය එකතු වීමත් සමග …

වැට් නිසා ගෑස් මිල හෙට සිට ඉහළට Read More »

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවූවෙක් මිය යයි.

මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කිරීමෙන් පසු මාතර බන්ධනාගාරයේ රැඳවූවෙක් මියගොස් ඇති බව වාර්තා වේ. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙනින්ජයිටිස් රෝගයෙන් මාතර බන්ධනාගාරයේ සිදුවූ දෙවන මරණය මෙයයි. පසුගියදා මාතර බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනෙකු රෝගාතුර වීමත් සමඟ දැඩි …

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවූවෙක් මිය යයි. Read More »

ආනයනකරුවන් කරනා කැත වැඩක් මුදල් රාජ්‍ය ඇමති හෙළිකරයි

දෛනිකව ආනයනය කෙරෙන 700 පමණ වන බහාලුම් ප්‍රමාණය දිනක් තුළ 1000 ඉක්මවා යාමට හේතුව වැට් වැඩි වීමේ වාසිය අයුතු ලෙස හිමි කර ගැනීමට ආනයනකරුවන් හිතාමතා සිදු කළ ක්‍රියාවක් බව අමාත්‍යවරයා පවසයි. මෙම ආනයනකරුවන්ගේ උපක්‍රමය වී ඇත්තේ වැට් බද්ද 18% දක්වා ඉහළ නැංවෙන ජනවාරි මස පළමු වැනිදාට පෙර මෙම භාණ්ඩ නිෂ්කාශන කටයුතු අවසන් කර ඒවා අලෙවි …

ආනයනකරුවන් කරනා කැත වැඩක් මුදල් රාජ්‍ය ඇමති හෙළිකරයි Read More »

ඔක්සිජන් වෙනුවට කාබන් ඩයොක්සයිඩ් දී රෝගියෙක් මියයයි

කොළඹ ජාතික රෝහලේදී සිදුකරමින් තිබූ සැත්කමක් අතරතුර රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීම හේතුවෙන් එම රෝගියා මියගිය බව සෞඛ්‍ය වෘත්තීය සංගම් චෝදනා කරයි. ශල්‍යකර්මය අවසානයේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ඇතුළු වීමෙන් මෙම මරණය සිදුව ඇති බවටත් ඔවුන් පවසයි. මෙම සිදුවීම පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ කටයුතු කර ඇත.

ලබන මස සිට ජල ගාස්තුව වැඩි වෙයි

2024 ජනවාරි සිට ජල ගාස්තු 3% කින් ඉහළ දැමීමට සිදුවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. දැනට ක්‍රියත්මක 15% වැට් බද්ද 18% දක්වා ඉහළ දැමිම නිසා මේ ආකාරයෙන් ජල ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇතිබව ජල සම්පාදන මණ්ඩළය පවසයි . සංශෝදිත නව වැට් බද්ද ජනවාරි මස සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර වැට් බදු (සංශෝධන) …

ලබන මස සිට ජල ගාස්තුව වැඩි වෙයි Read More »

උතුරු සුමාත්‍රාවේ ප්‍රභල භූ කම්පණයක් දැනට සුනාමී අවධානමක් නෑ

උතුරු සුමාත්‍රා ප්‍රදේශයට ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ අද උදෑසන රික්ටර් මාපක 6.6 ක ප්‍රබල භූ කම්පනයක් ඇති බව ශ්‍රී ලංකාවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි . කෙසේ වෙතත් මෙම භූමිකම්පාවේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට දැනට සුනාමි තර්ජනයක් නොමැති බව එම ආයතනය පවසයි

ජාතික පාසැල් අහෝසියි. සියළුම පාසැල් පළාත් සභා යටතට

සියළු ජාතික පාසැල් අහෝසි කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇති බව අධ්‍යාපනය පිළිබඳ ව ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් සඳහන් කරයි. එ අනුව මෙරට සියලුම පාසල් පළාත් සභා යටතේ පමණක් පවත්වාගෙන යාමට යෝජනා කර ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය. ඒ අනුව ඉදිරියට ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් පවත්වාගෙන …

ජාතික පාසැල් අහෝසියි. සියළුම පාසැල් පළාත් සභා යටතට Read More »

ඇමෙරිකාවේ Heart to Heart වෙතින් යළිත් රු කෝටි 21 ක ඖෂධ පරිත්‍යාගයක්.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහගේ ඉල්ලීම හා මැදිහත්වීම මත ඇමෙරිකාවේ Heart to Heart international (HHI) ආයතනය විසින් ශ්‍රී ලංකාවට සපයන ආධාර තවදුරටත් ක්‍රියාත්මක කරමින්, 09 වන වරටත් හදිසි ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ. තානාපති මහින්දගේ ඉල්ලීමට මෙතෙක් රු කෝටි 1600 ක ඖෂධ මෙවර පරිත්‍යාගයේ වටිනාකම රු 21 කෝටි 33 ලක්ෂයක එනම් ඩොලර් 644,000 දහසකට …

ඇමෙරිකාවේ Heart to Heart වෙතින් යළිත් රු කෝටි 21 ක ඖෂධ පරිත්‍යාගයක්. Read More »