මා ව

SLVLOG යූ ටියුබ් නාළිකාවේ හිමිකරු බෲනෝ දිවාකර අත් අඩංගුවට

මේ ව්න විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනා නතාෂා එදිරිසූරියට අනුග්‍රහය දැක්වීම සම්බන්ධ SLVLOG YouTube නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර මිට සුළුමොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ පැය 8 ක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. SLVLOG නාළිකාව මාධ්‍යවේදී දර්ශණ හඳුන්ගොඩ විසින් ආරම්භ කරනා ලද්දකි. එය පසුව ඔහු විසින් වෙනත් පාර්ශවයකට විකුණා …

SLVLOG යූ ටියුබ් නාළිකාවේ හිමිකරු බෲනෝ දිවාකර අත් අඩංගුවට Read More »

යුරියා මිටියක මිල රුපියල් 9000 ට බසී

යුරියා මිල අඩුකිරීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඒ අනුව ජූනි 15 වනදා සිට යුරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

මූලධර්මවාදීන් පූජකයන් වෙසින් මෙන්ම භික්ෂූන් ලෙසින්ද ඉන්නවා

රටතුළ දරුණු නොසසුන් සහගත තත්ත්වයක් උදගත වෙමින් පවතිද්දී මැති ඇමතිවරු ඒ බව නොතකමින් වගකීම විරහිතව පසුවෙන බව ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවසූවේ බොදුබලසේනා සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම තත්ත්වය හුදෙකලා ගැටලුවක් නොවන බවත් දේවගැතිවරුන් මෙන්ම භික්ෂූන්ගේ ස්වරූපයෙන්ද මූලධර්මවාදීන් සිය අවශ්‍යතාවයන් මතුකර ගනිමින් සිටිනා බව උන් වහන්සේ පැවසූහ. අද වන …

මූලධර්මවාදීන් පූජකයන් වෙසින් මෙන්ම භික්ෂූන් ලෙසින්ද ඉන්නවා Read More »

අගමැති රට යයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අද (31) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය බවත්, ඔහු සමඟ දූත පිරිස 11දෙනෙකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 402 දරන ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දුත පිරිස තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව …

අගමැති රට යයි Read More »

රත්‍රං මිල පහළට

රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇත. අද (31) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 149,000 ක් දක්වා පහළ ගොස් තිබේ. පසුගිය සතියේ බදාදා දිනයේ දී එය රු. 154,500ක් ලෙස වෙළඳපොල තුළ දක්නට ලැබුණු බව වාර්තා වේ. මේ අතර සිකුරාදා රු. 167,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට …

රත්‍රං මිල පහළට Read More »

විදේශ ගමන් බලපත්‍රය දින තුනෙන් නිවසටම

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසීය. ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින තුනක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවත්,ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ …

විදේශ ගමන් බලපත්‍රය දින තුනෙන් නිවසටම Read More »

ඖෂධ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය. ඒ අනුව ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව 15% ක පමණ ප්‍රමාණයකින් අවම වශයෙන් ඖෂධ මිල අඩුවිය යුතු බැව් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන …

ඖෂධ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස් Read More »

ආගමික සමගියට බාධා කරන අයට දැඩි නීති. විජයදාස රාජපක්ෂ කියයි

ආගමික සමගියට බාධා වන ආකාරයට කටයුතු කරනු ලබන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය පැවතියත් අන් අයගේ ආගම් සදහා අගෞරව කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවති විශේෂ මාධ්‍ය හමුවක් සඳහා …

ආගමික සමගියට බාධා කරන අයට දැඩි නීති. විජයදාස රාජපක්ෂ කියයි Read More »

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් අද (30) සිට යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස සේවය කිරිම අරඹා ඇත . සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපීය නාල අවහිර කර මව්වරුන් වඳභාවයට පත්කළේයැයි චෝදනා ලැබ වසර 4 ක කාලයක් රැකියාවෙන් ඉවත්ව සිටීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට සිදුවිය .එහෙත් ඔහුට එරෙහිව පැවති පරීක්ෂණයේදී එකී කිසිම චෝදනාවක් ඔප්පු වූයේ …

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට. Read More »

නතාෂාගේ මෝඩාභිමානී නැරඹුවන් පසුපස සී.අයි.ඩිය ලුහුබඳී

දැනට අත් අඩංගුවේ පසුවන නතාෂා එදිරිසූරිය විසින් පවත්වනු ලැබූ මෝඩාභිමානී නම් ප්‍රහසන ප්‍රසංගය නැරඹීමට පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ. ඇය එම ප්‍රසංගයේදී ඇය විසින් විසින් බුදුන්ට අපහාස කරනලද බව පාර්ශව කිහිපයක් විසින් පොලිසියට පමිණිළි ඉදිරිපත්කර තිබුනි. පසුව ඇය විදෙස් ගතවීමට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් …

නතාෂාගේ මෝඩාභිමානී නැරඹුවන් පසුපස සී.අයි.ඩිය ලුහුබඳී Read More »