මා ව

රුපියල ශක්තිමත් වෙලා ඩොලර් එක පහත වැටුනේ කොහොමද?

රුපියලට සාපෙක්ෂව ඩොලරයේ මිල රු. 7 – 8 කින් පහත වැටීමක් මේ සතිය පුරා අඛණ්ඩව වාර්තා වෙමින් ඇත. 2022 මැයි මාසයෙන් පසුව ඩොලරයට සාපෙක්ෂව රුපියල වඩාත්ම ශක්තිමත් අවස්ථාව මේ සතියේ වාර්තා විය. අද (3/3) කොළඹ වානිජ්‍ය බැංකු ඩොලරය මිලදී ගන්නේ රු. 334.50 ට ත් අඩුවෙනි. මේක වුනේ කොහොමද? පසුගිය කාලයේ දී මහ බැංකුව ඩොලරය පහත …

රුපියල ශක්තිමත් වෙලා ඩොලර් එක පහත වැටුනේ කොහොමද? Read More »

හිඟ ඖෂධ ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි..

මෙරට හිඟව පවතින ඖෂධ වර්ග 37ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩනම් මහතා අතර පැවති සාකච්ඡාවකදී ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීව ජිනිවා නුවරදි මෙම සාකච්ඡාව පැවැත් වූ බව වාර්තා වේ .

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති ගෙන් තීරණයක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රියකර ජාතික ආර්ථිකයට එක්කිරීමේ කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබේ. ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61කින් සමන්විත ඉහළ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය.

රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුවට

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන 4ක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. රංජිත් බණ්ඩාරගේ සභාපතීපත්වයෙන් කෝප් කමිටුව හෙට(7) රැස්වීමට නියමිතව ඇති අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබේ. ඊට අමතරව හෙට දිනයේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද කැඳවා ඇති බව ද වාර්තා වේ.

ලගදීම සතොසින් අඩු මිලට අභ්‍යාස පොත්

සතොස හරහා 30% වට්ටමක් යටතේ ලබන සතියේ සිට පාසල් අභ්‍යාස පොත් ලබාදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණය කරන ලද එම විශේෂ අඩු මිල පොත් දිවයින පුරා සතොස වෙළඳ සැල් වලින් ලබා ගත හැකි බවත් ලබන සතිය තුළ එම පොත් දිවයින පුරා බෙදාහරින බවත් ඇමති පවසයි

ල.දු.දේ සේවක හිඟයක් උදයදේවියත් නවතී

මෙම වසරේ දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන් රැසක් විශ්‍රාමයාමත් සමඟ දුර ගමන් ධාවනය වන දුම්රිය සඳහා සිටි රියදුරන්ගේ හිඟයක් මතුව ඇත. පවතින සේවක හිඟය හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර 20කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වීමද සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම පවතින රියදුරු හිඟය හේතුවෙන් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන උදයදේවී දුම්රියේ ධාවන කටයුතු …

ල.දු.දේ සේවක හිඟයක් උදයදේවියත් නවතී Read More »

විපක්ෂයේ මන්ත්‍රීවරු හෙට මැතිවරණ කොමිසමට

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (07) දිනයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට තීරණය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව ලිපියක් මගින් අදාළ හමුවීම පිළිබඳව දැනුම් දී ඇති බව වාර්තා වේ. මාර්තු මස 3 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය …

විපක්ෂයේ මන්ත්‍රීවරු හෙට මැතිවරණ කොමිසමට Read More »

Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL මගින් බල ගැන්වූ අන්තර් පාසල් Esports ශූරතාවලිය නැවතත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Games and Esports ආයතනය වන Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL විසින් බලගැන්වූ අන්තර් පාසල් Esports ශුරතාවලියේ (Inter-School Esports Championship) ’22 හයවන අදියර සඳහා ලියාපදිංචි කිරීම අරම්භකර ඇත. දිවයිනේ විශාලතම පාසල් මට්ටමේ Esports ශූරතාවය ලෙස, මෙම ශූරතාවලිය ශ්‍රී ලංකාව පුරා පාසල් 150 කට අධික සංඛ්‍යාවකට Esports සදහා ඇති උද්‍යෝගකර හැගීමක් හඳුන්වා දෙයි. …

Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL මගින් බල ගැන්වූ අන්තර් පාසල් Esports ශූරතාවලිය නැවතත් Read More »

අයෝජන ගේන්න දිලුම්ගෙන් තානාපතිවරු පස් දෙනෙක්

රටක ආයෝජනයක් කිරීමට පෙර ඔනෑම ආයෝජකයෙක් ඒරටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබදව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ ඵලවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකු වත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. යම් රටක දේශපාලන ස්ථාවර භාවය,ශ්‍රම බලකාය, නීති හා අණපනත්, භූගෝලීය පිහිටීම වැනි කරුණු රාශියක් පිළිබද පුළුල් …

අයෝජන ගේන්න දිලුම්ගෙන් තානාපතිවරු පස් දෙනෙක් Read More »

සමහන් ජපානය අල්ලයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකෞෂධීය නිෂ්පාදකයා වන Link Natural Products (Pvt.) Ltd විසින් සිය ප්‍රධානතම ශාකෞෂධීය නිෂ්පාදනය සහ ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ප්‍රථම වරට ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවට නිවේදනය කරන ලදී. මෙම හඳුන්වාදීම හරහා ලින්ක් නැචුරල්, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සිය ව්‍යාපාරික ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් කරා පැමිණීමද විශේෂත්වයකි. …

සමහන් ජපානය අල්ලයි Read More »