20යි 20 කාන්තා ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

08 වන වරටත් පැවැති ලෝක කුසලාන කාන්තා 20යි විස්ස තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඒ සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් 
පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස්කිරීමට සමත් විය.

එහිදී ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම Beth Mooney නොදැවී ලකුණු 74ක් රැස්කළ අතර Ashleigh Gardner  ලකුණු 29ක් රැස්කළාය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් Shabnim Ismail සහ Marizanne Kapp කඩුලු 2ක බැගින් දවාගත්හ.

ඒ අනුව ලකුණු 157ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 137ක් පමණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *