19න් පහළ පාසල් දෙදින ක්‍රිකට් – විශ්වගේ කඩුලු 13 පාණදුර ශ්‍රී සුමංගලයට ජය ගෙනේ


ලකුණු 21කට කඩුලු 13ක් බිඳ දමමින් විශ්ව ළහිරු පන්දු යැවීමෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරගයෙන් කළුතර විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 151ක ජයක් හිමි කර ගැනීමට පාණදුර ශ්‍රී සුමංගල විදුහල සමත් විය.
තවත් තරගයකදී යාපනය සාන්ත පැට්රික් විදුහලට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 150ක් රැස් කිරීමට යාපනය මධ්‍ය මහා විදුහලේ අනන්තන් කජන් සමත්වූ අතර, තවත් තරගයකදී කඳාන දි මැසිනෝද් විදුහලට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් රැස් කිරීමට මීගමුව මාරිස්ටෙලා පිලේ නායක කවීන් ප්‍රනාන්දු සමත් විය.
යාපනය සාන්ත පැට්රික් විදුහලට එරෙහිව යාපනය මධ්‍ය මහා විදුහල ඉනිමක සහ ලකුණු 209ක ජයක් ලැබූ අතර, තවත් තරගයකදී කළුතර තිස්ස මධ්‍ය මහා විදුහල බලපිටිය රේවත විදුහල ලකුණු 214කින් පැරදවීය.
ශ්‍රී සුමංගලයට ඉනිමක ජයක්
ශ්‍රී සුමංගල පළමු ඉනිම – 267/7 (ඕවර 84) දුරංක සිල්වා 82, සචිර ඩේමියන් 52, ඉමල්ක ප්‍රනාන්දු නොදැවී 51 (උදාන් තේජක 54/4)
කළුතර විදුහල් පළමු ඉනිම – 59 (ඕවර 33) (විශ්ව ළහිරු 8/5, මෙවිඳු කුමාරිසිරි 22/4) සහ දෙවැනි ඉනිම – 57 (ඕවර 16.5) (විශ්ව ළහිරු 13/8)
යාපනය ම.ම.විදුහලට
ඉනිමක ජයක්
යාපනය ම.ම.වි පළමු ඉනිම – 428/6 (ඕවර 86.3) අනන්තන් කජන් නොදැවී 150, නිශාන්තන් අජේ 75, ජෙගතීෂ්වරන් විතූෂන් 50. සතාකරන් සිමිල්ටන් 31 (කේ. සරූෂන් 69/2)
සා. පැට්රික් පළමු ඉනිම – 94 (ඕවර 29.4) (එස්. සමින්තන් නොදැවී 51, රංජිත්කුමාර් නිව්ටන් 29/3) සහ දෙවැනි ඉනිම – 125 (ඕවර 48.1) (එම්. සවුත්ජන් 30 (වික්නේශ්වරන් පරුති 31/5)
කළුතර තිස්සට ලකුණු 214ක ජයක්
තිස්ස ම.ම.වි පළමු ඉනිම – 229 (ඕවර 43.3) හිරුෂ නෙත්සර 69, ෂරීන් ධනංජය 65 (කමේෂ් චතුරංග 35/5, මලිත් මිහිරංග 67/4) සහ දෙවැනි ඉනිම – 186 (ඕවර 50.4) තේනුක අෂේන් 45, මිනූෂ මලිත් 32, මල්ෂ කවිෂාන් 31 (කමේෂ් චතුරංග 70/6)
රේවත පළමු ඉනිම – 120 (ඕවර 24.1) (මලිත් මිහිරංග 25 (කවිඳු තත්සර 37/5, ෂරීන් ධනංජය 51/4) සහ දෙවැනි ඉනිම – 81 (ඕවර 24.4) (පූර්ණ මෙන්ඩිස් 25 (හෂාන් ඉම්සර 15/5, හිරූෂ නෙත්සර 6/3)
මීගමුව මාරිස්ටෙලා-කඳාන දි මැසිනෝද්
දි මැසිනෝද් පළමු ඉනිම – 188 (ඕවර 45.1) උවිඳු පෙරේරා 93 (ෂේන් ආදිත්‍ය 54/6, හස්තික ද සිල්වා 43/3) සහ දෙවැනි ඉනිම – 281/7 (ඕවර 71.3) සිතුම් ප්‍රනාන්දු 85, මිෂේන් සංකේත් 72, තරීන් සංකේත් 59 (චිරත් ආදිත්‍ය 45/2)
මාරිස්ටෙලා පළමු ඉනිම – 273 (ඕවර 75.5) කවීන් ප්‍රනාන්දු 102, සදෙව් රත්නායක 55, රන්දීර ද සිල්වා නොදැවී 44, ලෙවින් ප්‍රනාන්දු 30 (කවිඳු කෞශල්‍ය 53/3, තුෂාන් උදයංග 71/3)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *