හමුදා සෙබළියන් පිරිසක් මාර් ගයක් හරස්කර විරෝධතාවායක.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 4 වෙනි ස්වෙච්චා කාන්තා බලකායට අයත්, මුලතිව් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරනා සෙබළියන් පිරිසක් අසළ මාර්ගයේ දින දෙකක සිට විරෝධතාවයක යෙදී සිටිති.

කොකාවිල් කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළියන් 129 කුගෙන් යුත් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි. මෙතෙක් කොකාවිල් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ මේ පිරිසට වවුනියාවට යන ලෙස දැනුම් දී මට එරෙහිව මෙම විරෝධතාවය අරඹා ඇති බව පැවසේ.

වවුනියාවට ගොස් සේවය කිරීමේදී තමන්ට විශාල ගැටළු සංඛ්‍යාවකට මුහුණ දීමට සිදු වන බැවින් මෙම ස්ථාන මාරුවීම වහා අවලංගු කොට තමන්ට පහසු සේවා ස්ථානය වූ කොකාවිල් කඳවුරේ තව දුරටත් සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඕවුහු ඉල්ලා සිටිති.

විරෝධතවයට එක්ව ඇති සෙබළියෝ සිවිල් ඇඳුමෙන් සැරසී සිටිනා අතර ඇතැම් සෙබළියන් කුඩා දරුවන්ද සමග විරෝධතාවයට එක්ව සිටිනු දැක ගත හැකි බව අප වාර්තා කරුවෝ පවසති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *