සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇතැයි සොයාගැනේ

ජේම්ස් වෙබ් නම් අභ්‍යවකාශ දුරේක්ෂය උපයෝගයෙන් සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇති බවට විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.
මෙය ලොව පුරා සිටින විද්‍යාඥයන් විමතියටත්, කනස්සල්ලටත් පත් කළ තොරතුරක් බවට පත් වී තිබෙනවා. කඩා වැටුනු කොටස මේ වන විට සුළි කුණාටුවක් ආකාරයෙන් සූර්යයාගේ උත්තර ධ්‍රැවය වටා ගමන් කරමින් ඇතැයි සොයාගෙන තිබේ.
නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙම සතිය මුලදී පෙර නොවූ විරූ සොයාගැනීමක් ලෙස සිදු කරන ලද මෙම සොයාගැනීම ගැන අභ්‍යවකාශ කාලගුණ පිළිඳව අනාවැකි පළ කරන තමිතා ෂෝව්  මෙසේ අදහස් පළ කර තිබෙනවා.
” කැඩී ගිය මෙම කොටස දැන් අපගේ තාරකාවේ උත්තර ධ්‍රැවය වටා දැවැන්ත ධ්‍රැවීය සුලියක සංසරණය වෙමින් පවතිනවා. “

ස්පේස් වෙදර් ඩොට් කොම් වෙබ් අඩවියට අනුව, මධ්‍යම ප්‍රමාණයේ, බලගතු සූර්ය ගිනි දැල්ලක් අඟහරුවාදා (පෙබරවාරි 7) දින පැසිෆික් සාගරය හරහා කෙටි රේඩියෝ තරංග අවහිරයක් ඇති කළ බව වාර්තා වනවා. කොලරාඩෝ හි බෝල්ඩර් හි වායුගෝලීය පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සූර්ය භෞතික විද්‍යාඥ ස්කොට් මැකින්ටොෂ් පැහැදිලි කළේ සෑම සූර්ය චක්‍රයකම වරක් සූර්යයාගේ අංශක 55 අක්ෂාංශ සමඟ සිදුවන මෙම සිදුවීම අසාමාන්‍ය දෙයක් නොවන බවයි.
එහෙත් දැනට පවතින මෙම සුලිය තමා කිසි දිනෙක දැක නොමැති බවද ඔහු පිළිගෙන තිබෙයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *