ස්ත්‍රී දූෂකයන්, බාල අපරාධකරුවන්, දැන් චන්දේ ඉල්ලන්නේ මාළිමාවෙන්

”මෙවර පළාත් පාලන මැතිවරණයේදී මාළිමාව තරගයට එන්නේ බාල අපාරාධකරුවන්, ස්ත්‍රී දූෂකයන්, මිනිස් ජාවාරම් කරුවන්, අවයව විකුණපු අය සමග බැවින් ජනතාව ප්‍රවේශම් විය යුතු බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ගම්පහල උඩුගම්පළ ‘ජනදුක නිවන තැන මෙතැන’ මැයෙන් පැවැති දේශපාලන රැස්වීමට සහභාගි වෙමිනි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

‘‘ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව අපිට අලුත් ජනාධිපතිවරයෙක් පත්කරගන්න සිදුවුණා. ඒ වෙලාවෙදි අපි රනිල් වික්‍රමසිංහට දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව සහය දුන්නේ රට ගැන හිතලා. ඒකේ ප්‍රතිඵල දැන් පේනවා .

ඔහු රට භාර ගන්න කොට ආහාර උද්ධමනය සියයට 95යි. අද ආහාර උද්ධමනය සියයට 50.2යි. විදේශ සංචිතය තිබුනේ ඩොලර් මිලියන 20යි. ඒත් අද විදේශ සංචිතය ඩොලර් බිලියන 2.8යි. සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටිල තිබුනේ.

මේ ගතවූ මාස දෙකට සංචාරකයන් පැමිණීම 262% න් ඉහළ ගිහිල්ලා. ඩොලරය අඩුවෙලා. ඩොලරය අඩුවෙනකොට ඉන්ධන මිල, ගෑස් මිල,අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල බහිනවා. ගතවූ මාස හතට රටේ අර්බුධය සමථයකට පත්කරන්න ජනාධිපතිතුමා කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් දෙන්න එකඟවෙලා. ඊට පස්සේ ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දෙනවා. ආසියානු සංවර්ධන බැංකුව සල්ල දෙනවා. තව මාසයක් දෙකක් යනවිට මේ පවතින ආර්ථින තත්ත්ය කණපිට හැරෙනවා. මිනිස්සුන්ට සහන ලැබිලා හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා.”

පොහොට්ටුවේ ඔබට එහෙම චෝදනා නැහැ.ගම හදපු, රස්සාදීපු, මඟුලට,මරණයට හිටපු අපි බයවෙන්න ඕන නැහැ’

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *