සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විශේෂ යෝජනා දෙකක් අනුමත වෙයි

සමගි ජන බලවේගයේ අද(08) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී විශේෂ යෝජනා දෙකක් ඒකමතිකව අනුමත කරගෙන ඇති බව වාර්තා වේ.

ඒ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගතයුතු බවත් යන යෝජනා ද්විත්වයයි.

එමෙන්ම යම් හෙයකින් එවැනි ජන පීඩක ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළයුතු බවටත් එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවටත් ඔවුන් තීන්දු කරනු ලැබීය.
කෙසේ වෙතත් රටට හිතැති ප්‍රගතිශීලී කටයුතු පිලිබදව සහය ලබාදීමේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කොට තීන්දු ගනු ලැබේ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවට ද කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවටත්,එම සන්ධානය ගොඩනැගීම සදහා පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කර ඇත.

එපමනක් නොව පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණ වලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් බලය පවරන ලද බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *