ශ්‍රේෂ්ඨාධික‍රණයෙන් කථානායකට රහසිගත තීන්දුවක්

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම් විභාගය ඊයේ අවසන් විය. එහි තීන්දුව රහසිගත ලේඛණයක් මගින් කථානායකවරයාට දන්වන බව විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.

පෙත්සම්වලට අදාළ විභාගය අවසන් කළ අධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන 27 වන දා වන විට ගොනුකරන ලෙස ද පාර්ශවකරුවන්ට දැනුම් දෙන ලදි. මෙම නඩු විභාගයට සහභාගීවූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහහට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය ස්තුතිය පලකර සිටියේය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *