ශ්‍රී පාදස්ථානය අවට පැතිරෙන බව කියනා අළුත් රෝගයක්.

ශ්‍රීපාදස්ථානයේ සංචාරය කළ පුද්ගලයින් අතර පැතිර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවී තිබෙන ලිස්‍ටීරියා රෝගය ගැන ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සිය අදහස් දක්වයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත්තේ එකම එක ලිස්ටීරියා රෝගියෙකු බවත්, එම රෝගයෙන් දෙදෙනෙකු මිය ගිය බවට පැතිර යන ආරංචිය තහවුරුව නැති බවත් එම සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන් ද සොයිසා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

ආහාර හරහා ලිස්ටීරියා රෝගය වැළඳිය හැකි බවත් එහිදී රෝග ලක්ෂණ ලෙස පාචන තත්වය, බඩේ අමාරුව, උණ ගතිය ඇතිවිය හැකි බවත් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේය. නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මෙම රෝගයෙන් ආරක්ෂා වීමට ප්‍රමානවත් බවද වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දෙයි

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *