වී ගොවියා එපාකී කාබනික සහනාධාරය එළවළු වගාවට

වී වගාවේ කාබනික පොහොර සඳහා රජය විසින් ගොවී ජනතාවට ලබා දුන් සහනය මෙරට තේ හා එළවළු වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

2022/ 23 මහ කන්නයේ දී කාබනික පොහොර සහනාධාරය සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කළ බවත්, මෙවර මහ කන්නයේ සහනාධාරය සඳහා මෙතෙක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 10,000ක් වේ.

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර තමන්ට අවශ්‍ය නොවන බව ගොවීන් නිරන්තරයෙන් පැවසීමත් සමඟ එම සහනාධාර මුදල් වෙනත් කෘෂි අංශ සංවර්ධනය සදහා යෙදවිය හැකි යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

එම තීරණය අනුව 2023 මහ කන්නයේ සිට එම සහනය තේ හා එළවළු වගාව සඳහා යෙදවීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *