විපක්ෂ නායක ධුරය නාමල් රජපක්ෂට

පවතින දේශපාලන වාතවරණය යටතේ සමගි ජන බලවේගය මන්ත්‍රි කණ්ඩායමෙන් බහුතරයක් ආණ්ඩුවට එක් වුවහොත් විපක්ෂයේ බලය ලබාගෙන නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට පොදුජන පෙරමුන සූදානම් වන බව වාර්තාවේ.

පොදුජන පෙරමුණේ පූර්ණ ප්‍රතිසංවිධනයකින් තොරව නැවතත් එම පක්ෂයට බලය ලබා ගත නොහැකි බවත් එහි මුල් පියවරක් මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ඉවත් කර නව නායකයෙකුට පක්ෂ නායකත්වය ලබාදීමට පක්ෂයේ බහුතරයක් යෝජනා කර ඇත.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන්නෙනම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අගමැති ධූරය ලබාදීමට ජනාධිපතිවරයා එකඟවීමත් සමග පාර්ලිමේන්තුවේ ව්පක්ෂයේ කටයුතු කිරීම වඩාත් වාසිදායක බව මන්ත්‍රීවරු පිරිසක් පෙන්වාදී ඇත. එවැනි තත්ත්වයකදී නාමල් රාජපක්ෂ හට විපක්ෂ නායකත්වය ලබදී ඔහු ඊළග නායකයා වශයෙන් ඉදිරියට ගෙන ආයුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් යෝජනා කර ඇත.

එහෙත් බහුතර පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා සමග තව දුරටත් ආණ්ඩු පක්ෂයේ රැඳී සිටීමටත්, මීළඟ ජනාධිපතිවරණයේදී ඔහු පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කිරීමටත් එකඟතාවය පලකර ඇති බව වාර්තා වේ.

.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *