විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස හතරේදී ඩොලර් බිලියන 1.8 ක් එවලා

මේ වසරේ මුල් මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවාගොස් තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මේ වසරේ පළමු මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 1867.2 ක් මෙරටට එවා ඇති අතර අප්‍රේල් මාසය තුළදී පමණක් ඩොලර් මිලියන 454 ක් එවා තිබේන බවත්, එය පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කර බලන විට සියයට 82.4 ක ඉහළ යාමක් බවත් ය.

එමෙන්ම මේ වසරේ ජනවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 427.5 ක මුදලක් එවා තිබෙන අතර එය සියයට 68.8 ක වර්ධනයක් වී ඇත. පෙබරවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් එවූ ඩොලර් මිලියන 407.4 පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ශව සියයට 98.6 ක වර්ධනයකි.

පසුගිය මාර්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 568.3 ක මුදලක් එවා තිබුණි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78.5 ක වර්ධනයකි.

නීත්‍යානුකූල ක්‍රම හරහා මෙරටට මුදල් එවනු ලබන විදේශගත ශ්‍රමිකයින් සදහා වාහන ආනයන බලපත්‍ර ලබාදීමට, ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට මේ වන විට කටයුතු යොදා තිබේන බව අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩ මගින් වැඩිදුරටත් දන්වා සිටියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *