විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනපතිවරයාගේ නියෝගය පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (17) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඒම නියෝගය ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති අදාල ගැසට් නිවේදයේ දැක්වේ.

අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ මෙම සේවා ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය බවත් එකී සේවා සේවාවන් අවහිරතාවයකින් හෝ බාධාවකින් තොරව පවත්වාගෙනයාම සැලකිල්ලට ගනිමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ .

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට හිමි බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *