ලාංකිකයකු බවට කරන සැක කරන මළ සිරුරක් ඕස්ට්‍රේලියානු වෙරළට ගොඩගසයි

ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්මියර් වෙරළට ඊයේ (21) දිනයේ ගසාගෙන ආ නාඳුනන පුද්ගල මළ සිරුරක් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස සොයාගත් පුද්ගල මළ සිරුර වයස අවුරුදු 18-25 ත් අතර වයසේ පසුවන අයෙකුගේ වන අතර, මියගොස් ඇති පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු බවට විශ්වාස කරන බවත්, ඔහු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන බවත් වාර්තා වේ.

මොහුගේ මරණයට හේතුව සොයාගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන අතර, මළ සිරුර හමු වූ ස්ථානයෙන් නොව වෙනත් ස්ථානයකින් මෙම පුද්ගලයා මුහුදට වැටෙන්නට ඇති බවයි ඕස්ට්‍රේලියානු පොලිසිය සැකපළ කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *