ලබන 17 වැනි දා සිට විශ්වවිද්‍යාල යළි ඇරඹේ

ලබන 17 වැනි දා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට පැමිණ තිබේ.

ඒ, අද (12) අලුයම දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදීයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, පසුගිය මාර්තු 9 වැනි දා වන අතර ඒ, බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *