ලංගම ආසන වෙන් කිරීම ”ඔන්ලයින්” ක්‍රමයට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීම ආරම්භ කර ඇත.

එහි සමාරම්භක වැඩසටහන මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වින.

ඊට අදාළ sltb.eseat.lk වෙබ් අඩවිය විවෘත කිරීම 1315 mobile app එක හදුන්වා දීම හා ප්‍රවේශ පත්‍ර කවුළුව විවෘත කිරීම රාජ්‍ය ඇමැතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

දිවයින පුරා පිහිටි ස්ථාන හතළිහක් හරහා ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථ වල ආසන වෙන්කරවා ගැනීමට පහසුකම් සලසා ඇති අතර ඒ සඳහා 1315 ක්ෂණික දුරකථන අංකය 365 දවසේ පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන්ම සක්‍රීයව පවතී.

ඒ අනුව කලින් ආසන වෙන් කරවා ගැනීම , තමන්ට කැමති ස්ථානයක ආසනයක් හෝ ආසන කිහිපයක් වෙන් කරවා ගැනීම , තමන්ට ළඟින්ම පිහිටි බස් නැවතුම්පළෙන් බසයට ගොඩ වීමේ පහසුකම , ආසනයක් වෙන්කර ගත් පසු එය වෙනත් දිනයකට මාරු කර ගැනීම , බස් රථය පිටත් වූ විගස කෙටි පණිවිඩයක් හරහා මගියා දැනුවත් කිරීම , 365 දවසේ පැය 24 පුරා ක්ෂණික දුරකථන සේවා මධ්‍යස්ථානය අමතා තොරතුරු ලබා ගැනීම , ආසන වෙන්කර ගත් බස් රථය පිටත් වීමට පෙර කොන්දොස්තර වෙත දුරකථනයෙන් අමතා තොරතුරු ලබාගැනීම ඇතුළු පහසුකම් රැසක් මගියාට මේ තුළින් හිමිවේ.

මෙම පහසුකම් කල්මුණේ, සමන්තුඩේ කාත්තන්කුඩි, කින්නියා, මන්නාරම මුලතිව්, කඩුවෙල, බණ්ඩාරවෙල, තංගල්ල, මාකුඹුර, මීගමුව, පොතුවිල්, කලවංචිකුඩි, එරාවූර්, යාපනය, කිලිනොච්චිය, මහනුවර, වැල්ලවාය, බිබිලේ, කතරගම, පොලොන්නරුව, මහියංගනය, අක්කරේපත්තුව, අම්පාර, වාලච්චේන, හැටන්, කරේ නගර් මහරගම ,දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, අම්බලන්ගොඩ, අනුරාධපුර, මඩකලපුව, ත්‍රි – මලේ, වව්නියාව, පේදුරුතුඩුව, මොනරාගල, බදුල්ල, මාතර, නුවරඑළිය සහ කඩවත යන ප්‍රධාන බස් නැවතුම් පොළවල් හරහා ආසන වෙන් කිරීමෙන් ලබාගත හැකිය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *