ලංකාව මිසිං

ඇමරිකාවේ ජෝන් හෝකින් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් සකස් කරන ලද ලොව ඉහළම උද්ධමනය පවතින රටවල දර්ශකයේ ශ්‍රී ලංකාව තවදුරටත් පහත වැටී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර උද්ධමන දර්ශකයේ පළමු පිටුවෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.

සති දෙකකට පෙර ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 18 වැනි ස්ථානයේ පසු වූ අතර මීට මාස 10කට පෙර එනම් 2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව සිටියේ දර්ශකයේ දෙවැනි ස්ථානයේය.

ඒ වන විට ලංකාවට වඩා ඉහළ උද්ධමනයක් තිබුණේ සිම්බාබ්වේ පමණි.එවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 106% වේ .

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *