ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ඉවතට

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ඉවතට විසිවී ගොස් ඇති බව වාර්තා වේ.

එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියට අදාළ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගවලට සහ වයස අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව නොලැබෙන බව ලෝක පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තාවකාලිකව තහනම් කර ඇති බැවින් එම තීරණය ගත් බව ඔවුන් වැඩිදුරටත් ලංකාව වෙත දැනුවත් කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *